Local News

TIN අංකය ගත් අයට මුදල් රාජ්‍ය ඇමතිගෙන් දැනුම්දීමක්

බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශී‍ය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් ඒ බව ලිඛිතව දැනුම්දී, බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය Read More

මෙරට වාර්තාගතම කුකුළු මස් නිෂ්පාදනය මේ වසරේ

ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තා කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදන ප්‍රමාණය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අප රටේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම කුකුළු මස් නිෂ්පාදනය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවක් මගින් ඉදිරිපත් කර කෘෂිකර්ම හා Read More

ප්‍රදේශ කිහිපයක අද රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව කොළොන්නාව නගර සභා බල සීමාව, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මුල්ලේරියාව සහ කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව දැනුම්දෙන අතර අද (04) රාත්‍රී 9 සිට හෙට (05) පස්වරු 3 Read More

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

මහජනතාවට සහන සැලසීමේ අරමුණින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, අනුව අර්තාපල් අල (චීනයෙන් ආනයනය කරන ලද), රතු පරිප්පු සහ සුදු සීනි මිල මෙලෙස අඩු කර ඇත. මෙම මිල පහත දැමීම අද (04) සිට ක්‍රියාත්මකයි.

ලෝක ‘කොස්’ දිනය අදයි

ලෝක කොස්(වරකා) දිනය අදට(04) යෙදී තිබේ. එය සෑම වසරකම ජූලි මස 4 වැනිදා සමරනු ලබයි. ප්‍රථම වරට කොස් ගෙඩිය සඳහා දිනයක් වෙන්වුණේ 2016 වසරේදී යි. ‘කොස්’වල වටිනාකම ලොවට කියාපෑම සඳහා මෙලෙස සෑම වසරකම ඒ වෙනුවෙන් දිනයක් වෙන්කර තිබේ. එළවලු පදනම් වූ ආහාර වේලක් අනුගමනය කිරීමට උත්සාහ කරන අය සඳහා ජනප්‍රිය මස් ආදේශකයක් ලෙස ද ‘කොස්’ Read More

මෙවර දින 16ක් පුරාවට පැවැත්වෙන කතරගම ඇසළ පෙරහැර

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අතිඋත්කර්ෂවත් අයුරින් මෙම මස 6 වැනිදා ආරම්භ කරන බව දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පවසයි. මෙවර නැකැත් උදා වී ඇති ආකාරය අනුව දින 16ක් පුරාවට පෙරහැර පැවැත්වීම විශේෂ සිදුවීමක්. මෙම 6 වැනිදායින් ඇරඹෙන පෙරහැර ලබන 21 වැනිදා මහ පෙරහැර පවත්වා 22 වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් Read More

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වෙයි

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණයහිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙන බව වාර්තා වේ. ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්ය. වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වේ. ඒ අනූව ජාත්‍යන්තර බැඳුම්කරවල සියයට 28ක Read More

අධ්‍යාපන පද්ධතිය පරිවර්තනීය වෙනසක් කරා ගෙන යනවා

අනාගත නව රැකියා වෙළෙඳපොළට සරිලන වෘත්තිකයන් බිහි කළ හැකි ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය හා සමස්ත අධ්‍යාපන පද්ධතිය පරිවර්තනීය වෙනසක් කරා ගෙන යෑමට දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුව රජය කැප වී ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද දින අරලියගහ මන්දිරයේ පැවති පත්වීම් ප්‍රදානය කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින්.

ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල අවසන්

ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. ජාත්‍යන්තර ප්‍රජාවම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සුබවාදීව දැක ඇති නමුත් මෙරට ඇතැම් පාර්ශ්ව දේශපාලන අරමුණු වෙනුවෙන් එය සුබවාදීව දැකීම ප්‍රතික්ෂේප කළ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනලදි. මුදල් රාජ්‍ය Read More

මාලදිවයිනේ නව මහ කොමසාරිස්, ආරක්‍ෂක ලේකම් හමුවට

ශ්‍රී ලංකාවට මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් ලෙස අභිනවයෙන් පත් වූ Masood Imad මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය. එහිදී නව මහ කොමසාරිස්වරයා සමඟ සුහද කතාබහක නිරත වූ ආරක්‍ෂක ලේකම්වරයා ඔහුට සිය නව පත්වීම වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමූ අතර දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් Read More

t

o

p