ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වෙයි

July 4, 2024

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණයහිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්ය.

වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනූව ජාත්‍යන්තර බැඳුම්කරවල සියයට 28ක නාමික අඩුකිරීමකට ණයහිමියන් එකඟ වී ඇති බව සඳහන් ය.

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ප්‍රධාන කොන්දේසියක් වේ.

ශ්‍රී ලංකාව ද්වීපාර්ශවීය ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා මේ වන විටත් ගිවිසුම් අත්සන් කර තිබේ.

මේ අතර 2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති අගෝස්තු 31 වන දිනට පෙර අවසන් කළ යුතු බව මුදල් ආර්ථික, ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකමවරයා විසින් ඊට අදාළ චක්‍රලේඛයක් නිකුත් කරමින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය

t

o

p