අධ්‍යාපන පද්ධතිය පරිවර්තනීය වෙනසක් කරා ගෙන යනවා

July 3, 2024

අනාගත නව රැකියා වෙළෙඳපොළට සරිලන වෘත්තිකයන් බිහි කළ හැකි ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය හා සමස්ත අධ්‍යාපන පද්ධතිය පරිවර්තනීය වෙනසක් කරා ගෙන යෑමට දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුව රජය කැප වී ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද දින අරලියගහ මන්දිරයේ පැවති පත්වීම් ප්‍රදානය කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින්.

t

o

p