මෙවර දින 16ක් පුරාවට පැවැත්වෙන කතරගම ඇසළ පෙරහැර

July 4, 2024

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය අතිඋත්කර්ෂවත් අයුරින් මෙම මස 6 වැනිදා ආරම්භ කරන බව දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර පවසයි.

මෙවර නැකැත් උදා වී ඇති ආකාරය අනුව දින 16ක් පුරාවට පෙරහැර පැවැත්වීම විශේෂ සිදුවීමක්.

මෙම 6 වැනිදායින් ඇරඹෙන පෙරහැර ලබන 21 වැනිදා මහ පෙරහැර පවත්වා 22 වැනිදා මැණික් ගඟේ දිය කැපීමෙන් පසු නිමාවට පත්වනු ඇත.

අලි ඇතුන් 30දෙනෙකු පමණ ද, උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන්ට අදාළ සහ ජාතික තරුණ සේවා සභාවට අදාළ නර්තන කණ්ඩායම් රැසක් යොදවා පෙරහැර මංගල්‍යය වර්ණවත් කිරීමට කටයුතු යොදා ඇතැයිද දේවාලයේ බස්නායක නිලමේවරයා ප්‍රකාශ කරනලදි.

t

o

p