ප්‍රදේශ කිහිපයක අද රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක්

July 4, 2024

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළොන්නාව නගර සභා බල සීමාව, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මුල්ලේරියාව සහ කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව දැනුම්දෙන අතර අද (04) රාත්‍රී 9 සිට හෙට (05) පස්වරු 3 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ජල නලයක හදිසි නඩත්තු කටයුත්තක් මීට හේතුවී ඇත.

t

o

p