මාලදිවයිනේ නව මහ කොමසාරිස්, ආරක්‍ෂක ලේකම් හමුවට

July 3, 2024

ශ්‍රී ලංකාවට මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් ලෙස අභිනවයෙන් පත් වූ Masood Imad මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය.

එහිදී නව මහ කොමසාරිස්වරයා සමඟ සුහද කතාබහක නිරත වූ ආරක්‍ෂක ලේකම්වරයා ඔහුට සිය නව පත්වීම වෙනුවෙන් සුබ පැතුම් පිරිනැමූ අතර දෙරට අතර පවතින සමීප මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම තම අභිලාෂය බවද ප්‍රකාශ කරනලදි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් හසන් අමීර් යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ද මෙම අවස්ථාවට සහභාගි විය.

t

o

p