Local News

ජනාධිපති කාර්යාලයේ භික්ෂු සම්බන්ධීකරණ ඒකකය විවෘත කෙරේ

සම්බුදු සසුන සුරක්ෂිත කරමින් ඉදිරියට ගෙන යාමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව රජය වෙත පැවරී ඇති වගකීම නිසි ලෙස ඉටු කිරීමේ දී මහා සංඝරත්නය සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ ස්ථාපිත කෙරුණු භික්ෂු සම්බන්ධීකරණ ඒකකය තෛන්‍රිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් අද විවෘත කෙරිනි. මෙහිදී විශේෂ අනුශාසනාවක් Read More

ලංගම බස්වලට GPS උපකරණ සවි කිරීම කඩිනමින්

GPS තාක්ෂණය පාදක කර ගනිමින් මගී ප්‍රවාහන කලමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බලශක්තිය සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මෙහිදී I3 CUBE ආයතනය හඳුන්වා දුන් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා පවතින අඩුපාඩුව වන බො‍හෝ ලංගම බස් රථවල GPS උපකරණ සවි කර නොතිබීම සහ නිම්බස් ආයතනය මගින් බස්නාහිර පළාත් සභාවට හදුන්වා දී ඇති Read More

දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024 – 2034 කාලය දක්වා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත. 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධිත) පනතින් සංශෝධිත 1961 අංක 31 දරන ආයුර්වේද පනත මඟින් රට තුළ දේශීය Read More

ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත ලබන මාසයේ සිට

ලබන මාසයේ සිට ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත හදුන්වා දෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එහි කොමසාරිස් ජනරාල් ප්‍රදිප් සපුතන්ත්‍රි මහතා සඳහන් කළේ ජාතික හැඳුනුම්පත භාවිතා කර සිදු කරන වංචා, ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පත හදුන්වා දීමෙන් පසුව සිදු කිරිමට නොහැකි වන වන බවය.නව හැඳුනුම්පතට එය හිමි පුද්ගලයාගේ ඇඟිලි සලකුණු ද ඇතුළත් කරනු ලැබේ.

ප්‍රථමවරට ශ්‍රී ලාංකිකයෙකු ඔලිම්පික් ගිනි සිළුව රැගෙන යයි

ප්‍රථමවරට ශ්‍රී ලාංකික දමිළ සම්භවයක් හිමි තර්ශන් සෙල්වරාජාට මෙවර ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ ගිනි සිළුව රැගෙන යාමට අවස්ථාව හිමි වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට මෙම විශිෂ්ට අවස්ථාව ඊයේ (15) හිමි වූ බවයි. ඔහු මෙම ගිනි සිළුව කිලෝමීටර 2.5ක දුරක් රැගෙන ගොස් තිබේ.

උපාධි දෙන්න ආයතන 26කට වරම්

උපාධි පිරිනැමීමේ ආයතන වෙත විදේශීය ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ වන විශ්ව විද්‍යාල 17හි විදේශීය ශිෂ්‍යයින් සඳහා 5%ක ප්‍රතිශතයක් මේ වන විට වාර්ෂිකව වෙන් කරනු ලබයි. ඊට අමතරව, විශ්වවිද්‍යාල පනතේ 25(4) වගන්තිය මඟින් පිළිගෙන ඇති උපාධි පිරිනැමීමේ ආයතන 26 සඳහා ද විදේශීය ශිෂ්‍යයින් Read More

බස්නාහිර පළාත් පාලන ආයතනයන්හි අනියම් සේවකයන් 1720ට ස්ථිර පත්වීම් 

බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතනයන්හි ස්ථිර නොවූ, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් තාවකාලික, සහන පදනම් සේවකයන් 1720ට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම නිමිත්තෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක දී අගමැතිවරයා මේ බව සඳහන් කළේය. ජීවිතයට පමණක් නොව සේවය කරන ආයතනයත් ආරක්ෂා කරගනිමින් ඉදිරියට යෑමට කටයුතු කරන්නැයි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින බව අගමැතිවරයා කීවේය. අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය. පළාත් පාලන ආයතනවල Read More

යුනෙස්කෝ අධ්‍යක්ෂකවරිය ලංකාවට එයි

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද(16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය. අධ්‍යක්ෂකවරිය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද පැමිණ ඇති අතර ඔවුන් අද(16) අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ. ඔවුන් පිළිගැනීම සදහා Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම ශ්‍රී ලංකාවේදී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීම මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත් වේ. එම මහ සභා රැස්වීම ජූලි 19 සිට 22 වනදා දක්වා පැවැත්වීමට නියමිත බවයි , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

t

o

p