යුනෙස්කෝ අධ්‍යක්ෂකවරිය ලංකාවට එයි

July 16, 2024

යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕද්රි අසූලේ ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා අද(16) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

අධ්‍යක්ෂකවරිය සමග ඇයගේ දූත පිරිස ලෙස තවත් තිදෙනකු ද පැමිණ ඇති අතර ඔවුන් අද(16) අලුයම 02.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

t

o

p