Local News

අදත් ගිගුරුම් සහිත වැසි

කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කර ඇති වාර්තා අනුව අද (24) ප්‍රදේශ කිහිපයකට වැසි බලාපොරොත්තු විය හැකිය. ඒ අනුව විශේෂයෙන් බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වලත් කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වේ. බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථාන වලට Read More

ජන මාධ්‍ය යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව සඳහා භාවිත කළ හැකි තියුණුම අවියක්

මහජන මුදල් ආරක්ෂා කිරිමටත්, දුෂණයට එරෙහිව නිර්භයව පහරදීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත්, සුවිසල් කාර්ය භාරයක් ඉටුකළ හැකි ජනමාධ්‍ය දෙපැත්තම කැපෙන තියුණ අවියක් වන බව කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. ජාතියක ඉදිරි ගමන සඳහා මෙන්ම සදාචාර පවුරු ආරක්ෂා කිරිම සඳහාද පෙනී සිටය යුතු මාධ්‍යට කිසියම් විනයක් හා සදාචාර සීමාවන් මෙන්ම වගකීමක්ද තිබිම අත්‍යාවශ්‍ය බවද කථානායකක කරු ජයසුරිය මහතා පැවසීය. කථානායකවරයා Read More

ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තිබෙන ථෙරවාදී බෞද්ධ රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට යයි

ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තිබෙන ථෙරවාදී බෞද්ධ රට බවට ශ්‍රී ලංකාව පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල සහ මාලබේ පැවති ජනාධිපතිවරණ රැස්වීම් අමතා ප්‍රකාශ කළේය. සිංහල බෞද්ධකම කතාවෙන් පෙන්වනවා වෙනුවට වත්මන් ආණ්ඩුව බුදුපුත් සුරක්‍ෂා ක්‍රමය වැනි වැඩසටහන් රැසක් බුද්ධ ශාසනය වෙනුවෙන් සිදුකර ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙන බව වික්‍රමසිංහ මහතා පැවසීය. එම රැළි වලදී තව දුරටත් Read More

පසුගිය වසරේ ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව් පාඩුව රුපියල් කෝටි 10,502 යි

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව් 2018 වර්ෂයේ දී ගණනය කරන ලද මුළු අලාභය රුපියල් කෝටි 10,502 ක් බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) තෙවන වාර්තාවෙන් අනාවරණය වේ. පසුගිය වසරේ ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය රුපියල් කෝටි 50 ක (රු 505,408,042) අලාභයක්ද, සි/ස ඇල්කඩුව වැවිලි සමාගම රුපියල් තුන්කෝටියක (රු 33,622,258) අලාභයක්ද Read More

සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරනවා

සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරන බව කඩුවෙල පැවති ජනරැලියකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන රැළි මාලාවේ තවත් ජන රැලියක් කඩුවෙල දි පැවැත් වුණි.

කිසිම ත්‍රස්ත අවදානමක් නෑ

දැනට රටතුළ කිසිදු ආකාරයක හදිසි අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් මතුව නොමැතිබව ආරක්ෂක අංශ විසින් අවධාරණය කරන බැවින් අසත්‍ය සහ විකෘති කරන ලද කරුනු දැක්වීම් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනයේ මෙසේද දැක්වේ. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රාජ්‍ය ආයතන සහ Read More

පොඩි මිනිසගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට යයි

පිටකොටුව, ගුණසිංහපුර, අඩි 100 වෙළඳපොළ භූමියේදී 2019.10.21 දින පැවැති එක්සත් ජාතික ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව. පොඩි මිනිසගේ ආර්ථිකය ශක්තිමත් නොකර රටේ ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොවැම්බර් 16 වැනි දින සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිධූරයට පත් කර පොඩි මිනිසගේ ආර්ථිකය Read More

මේජර් ජනරාල් මහේෂ් සේනානායක රෝහලට

ජාතික  ජනතා පක්ෂයේ  ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානාය මහතා බලන්ගොඩ නගරයේ පෞද්ගලික උත්සවය ශාලාවක සංවිධානය  කර තිබුණි  පාක්ෂිකයන් දැනුමත් කිරිමෙි  අවස්ථාවවට  අද (22) දා පෙරවරුවේ සහභාගි  විය. වැඩසටහන  අවසන්  කර මහේෂ් සේනානායක මහතා එම ස්ථායෙන් පිටව යැමට සුදානම්  වන අවස්ථාවෙිදි  හදිසියේ රෝගාතුර වී බලන්ගොඩ මුලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරිණි. රෝහලේ පැයක පමණ  කාලයක්  ප්‍රතිකාර Read More

ලෝකයේ මැණික් කේන්ද්‍රය බවට ලංකාව පත් කිරීමට යයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් මිද්දෙණිය නගරයේදී පැවැත්විය. ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, උසස් පෙළ සමත් සියලු සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බවයි. මැණික් ව්‍යාපාරය රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකි අංශයක් බවත් එය රැකියා විශාල ප්‍රමාණයක් බිහි කළ හැකි කේෂ්ත්‍රයක් Read More

හෙට පාර්ලිමේන්තුවේදී හකීම්ගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අමාත්‍යවරයා අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයේ නායක සහරාන් හෂීම් සමඟ සාකච්ඡා පවත්වන දර්ශන ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන් හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත. රවුෆ් හකීම් අමාත්‍යවරයා අද(22) මල්වතු නාහිමිවරුන් බැහැ දැක අදාළ සිද්දිය සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කිරීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

t

o

p