ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තිබෙන ථෙරවාදී බෞද්ධ රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට යයි

October 24, 2019

ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තිබෙන ථෙරවාදී බෞද්ධ රට බවට ශ්‍රී ලංකාව පත්කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුරුණෑගල සහ මාලබේ පැවති ජනාධිපතිවරණ රැස්වීම් අමතා ප්‍රකාශ කළේය.

සිංහල බෞද්ධකම කතාවෙන් පෙන්වනවා වෙනුවට වත්මන් ආණ්ඩුව බුදුපුත් සුරක්‍ෂා ක්‍රමය වැනි වැඩසටහන් රැසක් බුද්ධ ශාසනය වෙනුවෙන් සිදුකර ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙන බව වික්‍රමසිංහ මහතා පැවසීය.

එම රැළි වලදී තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අපි මෙම ස්ථානයට රැස්වුණා. එය රට වෙනුවෙන් සිදුකරන යුතුකමක් බව මෙහිදී මම සඳහන් කරනවා.

අපි බුදු දහමේ පෝෂණය සඳහා විශාල වැඩ කොටසක් කළා. “බුදුපුත් සුරක්ෂා” රක්ෂණ ක්‍රමය යටතේ ගෞරවනීය සංඝරත්නය රක්‍ෂණය කිරීමට ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පියවර ගත්තා.  සජිත් ප්‍රේමදාස මැතිතුමා සඳහන් කළ පරිදි වෙහෙර විහාර ඉදිකිරීමට හා අලූත්වැඩියා කිරීමට කිසිදු රජයක් වෙන් නොකල විශාල මුදලක් ලබාදී තිබෙනවා. ඒ වගේම දහම් පාසල් අධ්‍යාපනය නැංවීම වෙනුවෙන් දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම හා පිරිවෙන් ගොඩනැගිලි ඉදිකිරීමත් අප සිදුක

සිංහල බෞද්ධකම අප ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා. කතාවෙන් සිංහල බෞද්ධකම අපි පෙන්වන්නේ නැහැ. එලෙස කතාවෙන් සිංහල බෞද්ධකම පෙන්වන විශාල පිරිසක් සිටිනවා. එක්සත් ජාතික පක්ෂය තරම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩකටයුතු සිදුකළ වෙනත් පක්ෂයක් නොමැති බව මම අවධාරණය කරනවා. නමුත් එසේ යැයි කියා අපි ලේබල් ගහන්නේ නැහැ.

රටට නිදහස ලබාදීමට මූලික වුණු නිදහසේ පියාවන ඩී. එස්. සේනානායක මැතිතුමාට ලෝකයේ ථෙරවාදී බුද්ධ දර්ශනය ශක්තිමත්ම රට බවට මෙරට පත්කිරීමට අවශ්‍ය වුණා. දෙවන ලෝක යුද්ධය ඇතිවන විට ආසියාවේ ප්‍රමුඛස්ථානයක් ලබාගෙන සිටි රටක් වශයෙන් මෙරට හඳුන්වා දෙන්න පුළුවන්. එදා “සැන්ෆැන්සිස්කෝ”  සාම ගිවිසුමට ගොස් මහායාන බෞද්ධ දර්ශනය සහිත ජපානය හා ලෝකයේ අනෙක් රටවල් සාම ගිවිසුමක් අත්සන් කළ යුතු යැයි එදා බෞද්ධ රටවලට නායකත්වය ලබාදුන් ශ්‍රී ලංකාව සඳහන් කළා.

මෙම රැලියේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා සඳහන් කළ පරිදි අපේ අරමුණ ශක්තිමත් ආරථිකයක් ගොඩ නැංවීමයි. එමගින් ඉන්දියන් සාගරයේ කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි. එවිට ශක්තිමත් ආර්ථිකයක් සහිත ථෙරවාදී බුදුදහම සහිත රටක් බවට පත්වෙනවා. ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් සහිත රටවල් තිබෙනවා. ඉන් බහුතරය ක්‍රිස්තියානි, මුස්ලිම්. හින්දු ආගම සහිත රටවල් බව කිව යුතුයි. විශාල ආර්ථියක් හිමි චීනය, ජපානය, කොරියාව, මහායාන බුදුදහමට අයත් රටවල්. නමුත් ථෙරවාදී බුදු දහම අයත් කිසිදු රටක් ශක්තිමත් ආර්ථිකයක් බවට පත්වී නැහැ.  

ලෝකයේ ශක්තිමත් ආර්ථිකයක් තිබෙන ථෙරවාදී බෞද්ධ රට බවට මෙරට පත්කිරීමට අප කටයුතු කරනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වූ පසුව සිදු කරනු ලබන වැඩපිළිවෙල එයයි. ලොව පළමු ශක්තිමත් ආර්ථිකය හිමි ථෙරවාදී බුදුදහම තිබෙන රට බවට පත් වෙනවාද, නැතිනම් රාජපක්ෂ රෙජිමය යටතේ අපි නැවත යාචකයින් වෙනවාද යන්න නොවැම්බර් 16 වෙනිදා තීරණය කළ යුතුයි.”

t

o

p