ලෝකයේ මැණික් කේන්ද්‍රය බවට ලංකාව පත් කිරීමට යයි

October 22, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් මිද්දෙණිය නගරයේදී පැවැත්විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, උසස් පෙළ සමත් සියලු සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා බවයි.

මැණික් ව්‍යාපාරය රටට විශාල විදේශ විනිමයක් ගෙන ආ හැකි අංශයක් බවත් එය රැකියා විශාල ප්‍රමාණයක් බිහි කළ හැකි කේෂ්ත්‍රයක් බවත් පැවසීය.

ලෝකයේ මැණික් කේන්ද්‍රය බවට ලංකාව පත් කළ හැකි බවත් පැවසු ගෝඨාභය මහතා, මැණික් කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් කියා සිටියේය.

t

o

p