කිසිම ත්‍රස්ත අවදානමක් නෑ

October 23, 2019

දැනට රටතුළ කිසිදු ආකාරයක හදිසි අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් මතුව නොමැතිබව ආරක්ෂක අංශ විසින් අවධාරණය කරන බැවින් අසත්‍ය සහ විකෘති කරන ලද කරුනු දැක්වීම් සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රාජ්‍ය ආයතන සහ ජාතික වැදගත්කමක් ඇති ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් මා විසින් 2019 අප්‍රේල් 23 වන දින නිකුත් කරන ලද PS/SP/SB/C/14/2019 දරන චක්‍රලේඛය සහ ඉන් අනතුරුව වරින්වර එකී ආයතනයන්හි ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව කරන ලද සාමාන්‍ය සිහිකැඳවීම් සහ උපදෙස් අඩංගු ලිපි හා චක්‍රලේඛ වර්තමානයේ හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් පවතින බවට අර්ථනිරූපනය කරමින් සහ අවභාවිත කරමින් ඇතැම් රාජ්‍ය ආයතන සහ පුද්ගලයන් මහජනතාව අනවශ්‍ය ලෙස බියට පත්කරන ආකාරයේ ලිපි නිකුත් කර ඇති බවට මා වෙත කරුණු වාර්තා වී තිබේ.

දැනට රට තුළ කිසිදු ආකාරයක හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් මතුව නොමැති බව ආරක්ෂක අංශ විසින් අවධාරණය කරන අතර, මෙම අසත්‍ය සහ විකෘති කරන ලද කරුණු දැක්වීම් සම්බන්ධයෙන්අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස දැනුම් දෙමි. රාජ්‍ය ආයතන, ජාතික වැදගත්කමක් ඇති ආයතන සහ පොදු ජනතාවගේ ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට ආරක්ෂකඅංශ සියලු පියවර ගෙන තිබේ.

එබැවින් හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් උද්ගත වී ඇති බවට ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස වැඩිදුරටත් දන්වා සිටිමි.

t

o

p