ජපාන අධිරාජ්‍යයාගේ මංගල්‍යයට රටවල් 180ක රාජ්‍ය නායකයෝ

October 23, 2019

ජපාන නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය ලොව රටවල් 180කට අධික රාජ්‍ය නායකයෝ හා ප්‍රභූවරුන් ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ලොව රාජ්‍ය නායකයෝ සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද මෙම උලෙළට එක් වූ අතර බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු, බෙල්ජියමේ රජු වන පිලිප් කුමරු සහ ස්වීඩනයේ රජු, කටාරයේ එමීර්වරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහ 2000කට අධික ආරාධිත පිරිසක් ඊට එක්ව සිටියහ.

නරුහිතෝ අධිරාජ්‍යයා, මසාකෝ අධිරාජිනිය සමඟ සම්ප්‍රදායානුකූලව රජ ඇඳුමින් සැරසී ඉම්පීරියල් මාලිගයේ ප්‍රධාන ශාලාවට පැමිණිමත් සමඟ උත්සවය නිල වශයෙන් ආරම්භ කෙරිණි.

ජපානයේ අධිරාජ්‍යයා ලෙස සිටි අකිහිතෝ අධිරාජ්‍යයා වසර 30කට පසු පසුගිය මැයි මාසයේ සිය ධූරයෙන් ඉවත් වූයේ 1817න් පසු එලෙස තම ධූරය අත්හරින ලද ප්‍රථම ජපාන අධිරාජ්‍යයා බවට පත් වෙමිනි.

2019 මැයි 1 වැනි දින ඔටුන්න හිමි කුමරු වන නරුහිතෝ ජපානයේ 126 වැනි අධිරාජ්‍යයා වශයෙන් පත් විය. නමුත් අද දින ටෝකියෝ නුවර පිහිටි රාජකීය මාලිගාවේ පැවති සාම්ප්‍රදායික උත්සවයෙන් අනතුරුව නරුහිතෝ අධිරාජ්‍යයා සහ ඔහුගේ බිරිය වන මසාකෝ අධිරාජිනිය නිල වශයෙන් එම තනතුරේ පිහිටි බවට ලොව හමුවේ ප්‍රකාශ කෙරිණි.

t

o

p