Local News

ජනතාව හැමදාම පැරදිලා පාලකයෝ හැමදාම දිනලා

ජනතාව ආණ්ඩු පෙරලුවාට වැඩක් නැහැ ජනතාව ආණ්ඩු පෙරලල බලාපොරොත්තු වෙනවා මේ හොරකම් කරන නඩේ පෙරලන්න හැබැයි ඒ අය පෙරලෙන්නේ නැහැ හැලිය අනික් පැත්ත හැරෙව්වත් ඒ අය හැලිය උඩ ඉන්නවා ජනතාව හැමදාම පැරදිලා පාලකයෝ හැමදාම දිනලා යැයි ජනතා විමුක්ති පෙරමුනේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා පැවැසීය මේ වනවිට ගෝඨාභය රාජපක්ෂ Read More

ගම්පහ ස්ථාන කීපයකට හදිසි ජල කප්පාදුවක්

කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මඟින් බෙදා හරිනු ලබන ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.   ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක,සීදුව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත. එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර,දොම්පේ සහ ජාඇල ප්‍රාදේශියසභා බල ප්‍රදේශවලට සහ ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ Read More

මුදල් සොරාගත් තරුණයා උකුල් ඇටය බිද ගනියි

මොරටුව එගොඩ උයන නිවසකට ඇතුලුවී ඡංගම දුරකතන 2 ක් සහ රුපියල් 40000 ක් සොරා ගත් සැකකරුවෙකු බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාශය විසින් අද අත්අඩංගුවට ගෙනි තිඛේ. මෙම සොරකම කරන ලද සැකකරු ඊට පසු දින යතුරු පැදි අනතුරකට ලක්වී උකුල් ඇටය බිදී රෝහල් ගතකොට ඇත. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් බන්ඩාර විසින් අත්අඩංගුවට ගත් Read More

වැලිගොඩ දැමු පොහොට්ටු මන්ත්‍රීට ඇප

නීතිවිරෝධි වැලි ගොඩදමමින් සිටියදී අත්අඩංගුවට ගත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී ජගත් කුමාර ඇපමත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කරන ලදී. සැකකාර මන්ත්‍රීවරයා පාරුවක් උපයෝගි කොටගෙන කැළණිගගේ ඉකුත් 16 වනදා වැලි ගොඩදමමින් සිටියදී වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇත.

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන්න

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් නිවැරදී ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා එළඹෙන මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන මෙන් තමන් ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තා මන්ත්‍රීවරියෝ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළහ. දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මන්ත්‍රීවරියන් 12දෙනෙක් පමණක් බවත් එය පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 5%ක් පමණක් බවත් මේ හේතුව නිසාම විශේෂයෙන් කාන්තාවන් Read More

ජනාධිපතිවරයාගේ නාම යෝජනා වලට අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආර්.එම් සෝභිත රාජකරුණා මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ නාම යෝජනාවට ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි විය. අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. ඩී. නවාස් මහතාව අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් පසු මෙම පුරප්පාඩුව ඇති විය. මේ අතර ලීලසේන ලියනගම මහතා ජාතික ප්‍රසම්පාදන කොමිසමේ  පුරප්පාඩුව සඳහා සාමාජිකයෙක් Read More

බුර්කාව සහ වාර්ගික හා ආගමික පදනමෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කළ යුතුයි

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් , වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට  යෝජනා කර සිටී. පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජය තුළ මතභේදයට තුඩු දුන් කරුණු 14කට විසදුම් යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ඊයේ (19) ඉදිරිපත් වු විශේෂ වාර්තාවේ මේ Read More

වසර 40 කට පසු උසස් නිලතල පිළිබඳ වාර්තාවක්

අටවැනි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී රැස්වීම් 54ක් පවත්වා පුද්ගලයන් 290 දෙනෙක් විමර්ශනයට භාජනය කර ඇති බව එම කාරක සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. උසස් නිලතල පිළිබඳ කාරක සභාවක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනුයේ වසර 40 ක කාලසීමාවකට පසුවය. Read More

රාජ්‍ය ආයතන වලින් ගුවන් හමුදාවට රුපියල් ලක්ෂ 90 ක් අයවිය යුතුයි

ගුවන් සේවාවන් සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන වලින් රුපියල් ලක්ෂ 90 ක මුදලක් අයවිය යුතුව ඇති බව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ සභාගත කළ එම පිළිතුර අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වැඩිම මුදලක් අයවීමට Read More

කප්පම් ගත් රාළහාමි පොලිස් දැලේ

සේවය හැර ගොස් සිටි පොලිස් කොස්තාපල් වරයකු සිය රාජකාරි හැදුනුම්පත භාවිතා කරමින් කඳාන ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලවි වෙළඳ සැලකින් කප්පම් ගැනීමට ගොස් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. පසුගිය දා රාජකාරිය හැරගොස් සිටි මෙම පොලිස් කොස්තාපල් වරයා ජීවිතයේ ප්‍රශ්න රැසකට මැදිව සිටින්නෙකු බවට තොරතුරු ලැබී තිබේ. කඳාන ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලවි වෙළඳ සැලකට ගොස් ඇති සැකකරු රාජකාරි Read More

t

o

p