ගම්පහ ස්ථාන කීපයකට හදිසි ජල කප්පාදුවක්

February 22, 2020

කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මඟින් බෙදා හරිනු ලබන ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.  

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක,සීදුව නගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇත.

එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර,දොම්පේ සහ ජාඇල ප්‍රාදේශියසභා බල ප්‍රදේශවලට සහ ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවා තිබේ. 

 ලංකා විදුලි බල මණ්ඩලයේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව සදහන් වේ. 

එම බිඳ වැටීම යථාතත්වය පත්කරන තුරු ජල සැපයුම් ලබාදීමටනොහැකි බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කළේය. 

t

o

p