කප්පම් ගත් රාළහාමි පොලිස් දැලේ

February 20, 2020

සේවය හැර ගොස් සිටි පොලිස් කොස්තාපල් වරයකු සිය රාජකාරි හැදුනුම්පත භාවිතා කරමින් කඳාන ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලවි වෙළඳ සැලකින් කප්පම් ගැනීමට ගොස් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

පසුගිය දා රාජකාරිය හැරගොස් සිටි මෙම පොලිස් කොස්තාපල් වරයා ජීවිතයේ ප්‍රශ්න රැසකට මැදිව සිටින්නෙකු බවට තොරතුරු ලැබී තිබේ.

කඳාන ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලවි වෙළඳ සැලකට ගොස් ඇති සැකකරු රාජකාරි හැදුනුම්පත පෙන්වා පොලිස් පරීක්ෂණයක් කල යුතු වරදක් වෙළඳ සල් හිමිකරු කර ඇතැයි අවස්ථා කිහිපයකදීම මුදල් ලබාගෙන තිබේ.

මෙලෙස සැකකරු පැමිණි එක් අවස්ථාවක කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතාට වෙළඳ සල් හිමිකරු දැන්වීම නිසා CCTV කැමරා මාර්ගයෙන් සැකකරු හදුනාගෙන මෙලෙස අත් අඩගුවට ගෙන තිබේ.

කැළණිය කොට්ඨාශය භාර පොලිස් අධිකාරී රෝෂාන් ඩයස් හා කැළණිය කොට්ඨාශය 1 භාර පොලිස් අධිකාරී රමේෂ් රත්නායක යන නිලධාරීන්ගේ උපදෙස් මත කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් පිරිසක් සැකකරු අත් අඩගුවට ගැනීමට ක්‍රියා කර තිබිණි.  

t

o

p