ජනාධිපතිවරයාගේ නාම යෝජනා වලට අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

February 21, 2020

අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආර්.එම් සෝභිත රාජකරුණා මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කළ නාම යෝජනාවට ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි විය.

අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. ඩී. නවාස් මහතාව අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් පසු මෙම පුරප්පාඩුව ඇති විය.

මේ අතර ලීලසේන ලියනගම මහතා ජාතික ප්‍රසම්පාදන කොමිසමේ  පුරප්පාඩුව සඳහා සාමාජිකයෙක් ලෙස පත් කිරීමටද ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිර්දේශ කළේය.

මෙයට අමතරව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා විසින් සිදු කල නාම යෝජනාවටද ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකඟතාවය හිමි විය.සී. පී. ආර්. පෙරේරා මහතා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම පුරප්පාඩුව ඇති වී තිබිණි.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වූහ. ඔවුන්ට අමතරව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරළ මහත්මිය හා බිමල් රත්නායක මහතා සහ ජයන්ත ධනපාල හා ජාවිඩ් යූසුෆ් යන මහත්වරුද ඊට සහභාගී වූහ.

t

o

p