Local News

හිටපු ඇමති තොණ්ඩමාන් මහතාගේ අවසන් කටයුතු ඉරිදා

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමාන් මහතාගේ දේහය අද (27) පෙරවරු 11.00 සිට බත්තරමුල්ල ඔහුගේ නිවසේ තැන්පත් කෙරුණි. හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුළත් කෙරුණු තොන්ඩමාන් මහතා ඊයේ (26) රාත්‍රී අභාවප්‍රාප්ත විය. මිය යන විට තොන්ඩමන් මහතා 55වැනි වියෙහි පසුවිය.   ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා(31) රාජ්‍ය Read More

විශ්‍රාමික පොලිස් අධිකාරී ක්ලෙමන්ට් ප්‍රනාන්දු රිමාන්ඩ්

පසුගිය මැයි 07 වෙසක් පුන් පෝදා මීගමුව,පෙරියමුල්ලේ දී මැක්ස් නම් සුනඛයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එදිනම ඇප මත නිදහස් කරන ලද  විශ්‍රාමික පොලිස් අධිකාරී ක්ලෙමන්ට් ප්‍රනාන්දු මෙම 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රාජින්ද්‍රා ජයසූරිය මහත්මිය මැයි 26දා (අද)නියෝග කළාය. මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ ජනාධිපති Read More

ඉදිරි දිනකීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලව දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් 2020 මැයි මස 26 දින සිට 29 දින දක්වා බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සදහන් කර ඇති අතර විශේෂයෙන්ම Read More

හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පක්‍ෂයෙන් ඉවත් කිරීමට ක්‍රියා නොකරන ලෙස දැනුම්දීමක්

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්‍ෂයෙන් නාමයෝජනා බාර දී එක්සත් ජාතික පක්ෂයට නැවත එක් වීමට කැමැත්ත පළ කර සිටින හිටපු මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පක්‍ෂයෙන් ඉවත් කිරීමට ක්‍රියා නොකරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නීති අංශයට ඊයේ (25) දැනුම් දුන්නේය. සමගි ජන බලවේගයෙන් නාමජෝජනා භාර Read More

ගංගාද්‍රෝණි රැසකට ගංවතුර අවධානමක්

ඉදිරි දින කීපය තුළ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (25) දින නිවේදනය කරන ලදී. මෙම නිවේදනයේ සදහන් කරුනු සළකා බලා ගංගා ද්‍රෝනි කීපයකට ගංවතුර අවදානම් තත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත. Read More

අද සිට ධාවනයට පෞද්ගලික බස් 3 200 ක්

අද සිට ආරම්භ කෙරෙන අන්තර් පළාත් බස්‍ රථ ධාවනය සඳහා පෞද්ගලික බස් රථ 3 200 ක් සූදානම් කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් නිරැන්ඩා මහතා පවසයි. ඒ අනූව ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ පෞද්ගලික බස් රථ 3200 ක් ලියාපදිංචි වී තිබෙන බවත් මගීන්ගේ අවශ්‍යතාවය අනූව එම බස් රථ ධාවනයේ යොදවන බවත් ඒ Read More

මාස දෙකකට පසු කොළඹ අද(26) සිට විවෘත වෙයි

අද (26) අලුයම 5.00 සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවත් විය. ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දුන්නේ. ඒ අනුව දින 66කට පසු පළමුවරට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක සඳහා ද අද දිනයේ සිට ඇඳිරි නීතිය ලිහිල් වනවා.

මැක්ස්’ ඝාතකයා නිදහස් කරන්න පොලීසියෙන් වෑයමක්

මුළු රටටම දෘශ්‍යමාන සාක්ෂි සපයමින් පසුගිය වෙසක් පුන් පෝදා මීගමුවේ දී සිදුවූ සුනඛ ඝාතනයට සම්බන්ධ ඝාතකයා නිදහස් කර ගැනීමට පොලීසිය කූට ප්‍රයත්නයක යෙදෙන බවට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ චෝදනා කරති . උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරනුයේ මෙය කෙසේවත් සිදු නොවිය යුතු තත්ත්වයක් බවයි . සත්ව අවිහිංසාව සම්බන්ධයෙන් 1907 වසරේ ක්‍රියාත්මක රුපියල් සියයේ ( රු.100/=) දඩය Read More

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි Read More

ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් සමරයි

මාසයක් පුරා පැවති රාමසාන් උපවාස සමය අවසන් කරමින් ඉස්ලාම් බැතිමතුන්ගේ ඊදුල් ෆීතර් උත්සවය අද පැවැත්වෙනවා. ඉස්ලාමිය දින දර්ශනයේ නව වන මාසය රාමසාන් මාසයයි. මෙම මාසයේ නව සඳ දැකිමත් සමඟ ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාසය ආරම්භ කළා. රාමසාන් උපවාසය නිමාවට පත්වීමත් සමඟ පළමු සඳ දැකීමෙන් පසු ඊදුල් ෆීතර් රාමසාන් උත්සවය ඉස්ලාම් බැතිමතුන් දැඩි භක්තියෙන් Read More

t

o

p