ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් සමරයි

May 24, 2020

මාසයක් පුරා පැවති රාමසාන් උපවාස සමය අවසන් කරමින් ඉස්ලාම් බැතිමතුන්ගේ ඊදුල් ෆීතර් උත්සවය අද පැවැත්වෙනවා.

ඉස්ලාමිය දින දර්ශනයේ නව වන මාසය රාමසාන් මාසයයි. මෙම මාසයේ නව සඳ දැකිමත් සමඟ ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාසය ආරම්භ කළා.

රාමසාන් උපවාසය නිමාවට පත්වීමත් සමඟ පළමු සඳ දැකීමෙන් පසු ඊදුල් ෆීතර් රාමසාන් උත්සවය ඉස්ලාම් බැතිමතුන් දැඩි භක්තියෙන් හා ප්‍රීතියෙන් යුතුව සමරනවා. ශ්‍රී ලාංකිකයින් නෝම්බි යනුවෙන් හඳුන්වන්නේ මෙම රාමසාන් උපවාස සමයයි.

t

o

p