මැක්ස්’ ඝාතකයා නිදහස් කරන්න පොලීසියෙන් වෑයමක්

May 24, 2020

මුළු රටටම දෘශ්‍යමාන සාක්ෂි සපයමින් පසුගිය වෙසක් පුන් පෝදා මීගමුවේ දී සිදුවූ සුනඛ ඝාතනයට සම්බන්ධ ඝාතකයා නිදහස් කර ගැනීමට පොලීසිය කූට ප්‍රයත්නයක යෙදෙන බවට ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ චෝදනා කරති .


උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරනුයේ මෙය කෙසේවත් සිදු නොවිය යුතු තත්ත්වයක් බවයි .


සත්ව අවිහිංසාව සම්බන්ධයෙන් 1907 වසරේ ක්‍රියාත්මක රුපියල් සියයේ ( රු.100/=) දඩය අද දක්වාම ක්‍රියාත්මක වීම ශෝචනීය සරදමක් බව පෙන්වා දෙන උන්වහන්සේ මෙම නීති යාවත්කාලීන කිරීමේ කාලය ඉකුත් වී බොහෝ කලක් බව ද කීහ.

උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන ලද්දේ පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ය. මේ සඳහා ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා , අශාන් ප්‍රනාන්දු , සේනක වීරරත්න යන මහත්වරුන් සහ save a paw සංවිධානයේ ශිවන්ති සන්සෝනි මහත්මිය ද සහභාගි වූවාය .

මේ අතර මෙම සිද්ධියට අදාල ව සංවිධානයට නිරතුරුවම ලැබෙන බව පැවසෙන තර්ජනාත්මක දුරකථන ඇමතුම් පිළිබඳව අදාල දුරකථන දත්ත ඇසුරින් වෙනම විමර්ශනයක් අරඹන ලෙස ද මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රාජින්ද්‍රා ජයසූරිය මහත්මිය පොලීසියට නියෝග කළාය

තිලක් සේනාසිංහ

t

o

p