ඉදිරි දිනකීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

May 26, 2020

ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලව දැනට පවතින වැසි තත්වයේ වැඩිවීමක් 2020 මැයි මස 26 දින සිට 29 දින දක්වා බලාපොරොත්තු විය හැකි බව එම නිවේදනයේ සදහන් කර ඇති අතර විශේෂයෙන්ම මෙම තත්වය  නිසා බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වු වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සදහන් කර ඇත.

විශේෂයෙන්ම ආපදා අවස්ථාවක දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා පවතින කාලගුණ තත්වය පිළිදව නිසි අවධානය යොමු කරන ලෙසත් පසු ගිය සති කීපය තුළ දිවයිනේ නිරිත දිග කලාපයට අධික වර්ෂාවක් පැවති බැවින් නායයාම් සහ ගංවතුර අවදානම කළාපවල ජීවත් වන ජනතාවට දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ. ඇතිවිය හැකි ආපදා අවම කර ගනිමින් ආපදාවට මුහුණ දීම සදහා පුර්ව සුදානම් වන ලෙසත් තාක්ෂණික ආයතන විසින් විටින් විට ලබා දෙනු ලබන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් අවධාරණය කරනු ලැබේ 

t

o

p