විශ්‍රාමික පොලිස් අධිකාරී ක්ලෙමන්ට් ප්‍රනාන්දු රිමාන්ඩ්

May 27, 2020

පසුගිය මැයි 07 වෙසක් පුන් පෝදා මීගමුව,පෙරියමුල්ලේ දී මැක්ස් නම් සුනඛයා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එදිනම ඇප මත නිදහස් කරන ලද  විශ්‍රාමික පොලිස් අධිකාරී ක්ලෙමන්ට් ප්‍රනාන්දු මෙම 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රාජින්ද්‍රා ජයසූරිය මහත්මිය මැයි 26දා (අද)නියෝග කළාය.

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ අශාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ මීගමුව පොලීසිය මෙම වෙඩි තැබීම සම්බන්ධ කරුණු අධිකරණයෙන් වසන් කොට ඇති බවය.මෙහිදී මෙම ඝාතනය සඳහා යොදා ගැණුනු අවිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මීගමුව පොලීසිය අසමත් වීම ද විශේෂ සිද්ධියක් විය.

තිලක් සේනාසිංහ

t

o

p