හිටපු ඇමති තොණ්ඩමාන් මහතාගේ අවසන් කටයුතු ඉරිදා

May 27, 2020

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ආරුමුගම් තොන්ඩමාන් මහතාගේ දේහය අද (27) පෙරවරු 11.00 සිට බත්තරමුල්ල ඔහුගේ නිවසේ තැන්පත් කෙරුණි.

හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් තලංගම රෝහලට ඇතුළත් කෙරුණු තොන්ඩමාන් මහතා ඊයේ (26) රාත්‍රී අභාවප්‍රාප්ත විය. මිය යන විට තොන්ඩමන් මහතා 55වැනි වියෙහි පසුවිය.  

ආරුමුගන් තොණ්ඩමාන් මහතාගේ අවසන් කටයුතු ලබන ඉරිදා(31) රාජ්‍ය ගෞරව සහිතව නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසය පවසයි.

t

o

p