Local News

නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද මැතිවරණ කොමිසමට කැඳවයි

මැතිවරණ සහ පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද (09) මැතිවරණ කොමිසමට කැඳවා තිබේ. එළඹෙන 15 වනදා ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාර ගැනීමට නියමිතව තිබීම හේතුවෙන් ඊට අදාලව මැතිවරණ කොමිසමට පොලිස් ආරක්ෂාව සපයා ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මෙම කැඳවීම සිදු කර තිබේ.

මහජන පැමිණිලි විමර්ශනය සඳහා රේගු අභ්‍යන්තර ඒකකයක්

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ අතින් විවෘත කෙරුණි. මෙමඟින් මහජනතාව සහ රේගුව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රේගු දෙපාර්තමේන්තුව ලබා දුන් ආදායම් ඉලක්ක අභිබවා යමින් සුවිශේෂී මෙහෙවරක් රට වෙනුවෙන් සිදු කරමින් Read More

ජපානයට සුනාමි අනතුරු ඇඟවීම්

දකුණු ජපාන වෙරළ තීරයට ඔබ්බෙන් ප්‍රබල භූකම්පනයක් වාර්තා වී තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ7.1ක් ලෙසයි සටහන් වී ඇත. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටයි එරට කාලගුණවිද්‍යා ඒජන්සිය කටයුතු කර තිබෙන්නේ.

යාපනයේ ඉඳන් චෙන්නායි යන්න අලුත් ගුවන් යානයක්

ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා දැනට පවත්වා ගෙන යන ගුවන් ගමන් සදහා සැප්තැම්බර් 01 වැනිදා සිට තවත් ගුවන් සමාගමක් එක්වීමට නියමිතයි. ඉන්ඩිගෝ ගුවන් සේවයට (Indigo Airlines) අයත් එක් ගුවන් යානයක් පළමු අදියරය යටතේ සේවයට එක්වන අතර, එම ගුවන් යානය චෙන්නායි ගුවන් තොටුපළෙන් පස්වරු 1.55ට පිටත් වී පස්වරු 3.10ට යාපනය ගුවන් තොටුපළට ළඟා Read More

මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයට වෙනස්කම් රැසක් ඉදිරියේදී

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දේශීය නිෂ්පාදන විවිධාංගීකරණය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා මූලික අවධානය යොමු කර ඇති බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා සමග පසුගියදා පැවති හමුවකදීයි. එහිදී විවිධ වෙළෙඳනාමයන් යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ Read More

අමාත්‍ය ධුරයක් ජනපති යටතට පවරාගනිමින් ගැසට් නිවේදනයක්

අධිකරණ‍, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා යටතට පවරා ගෙන තිබේ. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(3) ව්‍යවස්ථාව යටතේ, අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුවයි. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් එස්.බී. ඒකනායක මහතා විසින් නිකුත් කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා‌ගේ නියම පරිදියි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙන් විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ‍, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම Read More

වසර 27කට පසු එක්දින තරගාවලි ජයක්

සංචාරක ඉන්දීයා කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) සමත් විය. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50ක් තුළ කඩුලු 07ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 248ක්. ජයග්‍රහණය සඳහා ලකුණු 249ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව Read More

මිල ප්‍රදර්ශනය කරනව නම් විතරක් භාණ්ඩ ගන්න

මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පවසයි. බේකරි නිෂ්පාදනය සහ සහල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට තව දුරටත් ලැබී නොමැති බවත් ඔහු සඳහන් කරයි. බේකරි නිෂ්පාදන ඇතුළු සියලුම භාණ්ඩ අළෙවියේදී මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවත් මිල ප්‍රදර්ශනය නොකරන වෙළදුන් සොයා Read More

අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම අවසන් – අධ්‍යාපන අමාත්‍යාංශය

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 2024-07-26 දින ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම අත්හිටුවා ඇති බවයි එම අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෙකු බව කියා ගන්නා Read More

ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටලු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක්

ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ ගැටලු සහ පැමිණිලි ඉදිරිපත් කිරීමට මාධ්‍ය කොමිසමක් ස්ථාපිත කර ඔවුන්ගේ සේවා ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට එම කොමිසමට බලතල ලබාදීම පිළිබඳව ඉදිරි නව පාර්ලිමේන්තුව යටතේ අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “රට වටා මාධ්‍යවේදීයෝ සංවිධානය” විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ඇගයීම වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් Read More

t

o

p