අතරමැදි පන්තිවලට ළමුන් ඇතුළත් කිරීම අවසන් – අධ්‍යාපන අමාත්‍යාංශය

August 7, 2024

2024 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි පන්තිවලට චක්‍රලේඛය අනුව ළමුන් ඇතුළත් කිරීම අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

2024-07-26 දින ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ළමුන් ඇතුළත් කිරීමට ලිපි නිකුත් කිරීම හෝ නිලධාරීන් ස්ථාන මාරු කිරීම අත්හිටුවා ඇති බවයි එම අමාත්‍යාංශය පවසයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නියෝජිතයෙකු බව කියා ගන්නා පුද්ගලයෙකු විසින් ඉහත තොරතුරු සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර කරන බවට අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බව සඳහන්.

t

o

p