මහජන පැමිණිලි විමර්ශනය සඳහා රේගු අභ්‍යන්තර ඒකකයක්

August 9, 2024

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි භාර ගැනීම සහ විමර්ශනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක අභ්‍යන්තර කටයුතු ඒකකය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ අතින් විවෘත කෙරුණි.

මෙමඟින් මහජනතාව සහ රේගුව අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රේගු දෙපාර්තමේන්තුව ලබා දුන් ආදායම් ඉලක්ක අභිබවා යමින් සුවිශේෂී මෙහෙවරක් රට වෙනුවෙන් සිදු කරමින් සිටින අතර ඒ හේතුවෙන් ම විවිධ පැසසුම් සේම චෝදනා එල්ල වන බව ද අමාත්‍යවරයා පවසනලදි.

එබැවින් තවදුරටත් මහජනතා සහ දෙපාර්තමේන්තුව අතර පවතින සබඳතාව ශක්තිමත් කිරීමට මෙම ඒකකය හේතු වනු ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ ඉදිරියේ දී දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තු වෙත ද මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කරන බවයි.

පැමිණිලි යොමු කළහැකි ක්‍රමවේදයන්
දුරකතන අංක 0112 – 221 331/ 0112 – 221 333/ 0704 – 752 803
විද්‍යුත් තැපැල් ලිපිනය – iau.slcustoms@gmail.com
Whatsapp අංකය – 070 4 752 803

t

o

p