Local News

ලද දෙයින් තෘප්තිමත් වෙලා වැඩ කරනවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසීමක් නොකර ජාතික ලැයිස්තුව සඳහා මන්ත්‍රීවරයකු නම් කිරීම පිළිබඳ යම් කනගාටුවක් තිබෙන බව එම පක්ෂ මහලේකම් බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය. ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න අපි සූදානම් නැහැ. ලැබෙන දෙයින් තෘප්තිමත් වෙලා වැඩ කිරීමයි අපට කරන්න තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයට චන්ද්‍රිකා මැතිනිය සැලකුවා වගේ තමයි Read More

නිවසක වගා කරන ලද ගංජා සමග 3 දෙනෙකු අත්අඩංගුවට

ගෙවත්තක වගා කරන ලද ගංජා සමග සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කහටගස්දිගිලිය ප්‍රදේශයේ ගෙවතු තුළ සූක්ෂම ලෙස මෙම ගංජා වගා කර තිබූ බවයි පොලීසිය පවසන්නේ. දඹගොල්ල, කටුකැලියාව, කැකිරාව හන්දිය යන ප්‍රදේශවල ගෙවතු පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම ගංජා ශාක සොයා ගැනුණා. කහටගස්දිගිලිය පොලීසියේ මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම් සිදු කෙරුණේ.

නොරොච්චෝලෙත් බිඳ වැටෙයි

මේ වනවිට නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරයද බිඳ වැටී ඇතැයි වාර්තා වේ. ඊයේ (17) කෙරවරපිටිය බලාගාරයේ ඇතිවූ බිඳ වැටීමක් හේතුවෙන් රටපුරා විඳිලිය බැඳවැටුනු අතර මේ වනවිට ලක් විජය විදුලි බලාගාරයේ ඇතිවී තිබෙන තත්වය අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවලට විටින් විට විදුලිය විසන්දිවීම් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි. නොරොච්චෝලේ ලක් විජය විදුලි බලාගාරයද බිඳ වැටීම Read More

ඇමතිකම් නොලද ජ්‍යෙෂ්ඨයන් අස්වෙන්න තීරණයක්

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ කිසිදු ඇමති ධුරයක් නොලද ජේෂ්ඨයන් කිහිපදෙනෙකුට ඉදිරි පලාත් සභා මැතිවරණයේදී මහ ඇමති අපේක්ෂකත්වයන් ලබාදීමට අවධානය යොමුව ඇත. සුසිල් පේ‍්‍රම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ශාන් විජේලාල්, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා යන මන්ත‍්‍රීවරුන් පිලිබදව මෙහිදී අවදානය යොමුව ඇත. පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තරග කිරීම Read More

කැබිනට් විෂය පථයෙන් 46%ක්ම රාජපක්ෂවරු අතට

පසුගියදා පත් කළ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ විෂයපතයන් බෙදීයාමට අදාලව දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවලින් 46%කට ආසන්න ප්‍රමාණයක් බෙදී ගොස් ඇත්තේ රාජපක්ෂවරු හතර දෙනෙකු වෙතය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද ඇතුළුව කැබිනට් අමාත්‍යවරු 26 දෙනකු පත් කර ඇති අතර ඔවුන්ට හිමි සමස්ත දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා ප්‍රමාණය 268කි. ඉන් 123කටම හිමිකම් කියන්නේ රාජපක්‍ෂ පවුලේ Read More

ලෝක උරුම සිංහරාජය දෙබැ කරගන අලුත් පාරක්

පාරිසරික තක්සේරුවන් සැළකිල්ලට නොගෙන ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය මායිමේ ඇති ලංකාගම සිට දෙනියාය දක්වා මාර්ගයක් ඉදිකිරීම මේ වනවිට යුද හමුදාව විසින් සිදු කරගෙන යන බව පරිසරවේදීහු චෝදනා කරති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසර සහ සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ලේකම් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේ මේ වනවිට යුද හමුදාව විසින් දැනට විනාශ කරමින් යන ප්‍රදේශයේ විශාල Read More

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2893ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2893ක් දක්වා ඉහළ ගොස් තිඛෙනවා. ඒ , තවත් කොරෝනා ආසාදිතයින් 03දෙනෙක් හඳුනා ගැනීමත් සමඟයි. හඳුනාගත් ආසාදිතයින් තිදෙනා ඕමානයේ සිට ලංකාවට පැමිණි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරටින් හමුවූ ආසාධිතයන් අතුරින් විදේශිකයන් දෙදෙනෙකු ඇතුලු 212 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.

පාර්ලිමේන්තුවේ විපක්‍ෂ සංවිධායකකමට හතර දෙනෙක් සටනේ

20 වෙනිදා කැඳවනු ලබන නව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සිව් දෙනෙකු අතර යම් තරගයක් ඇතිවී තිබේ. ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හසීම්, චම්පික රණවක, හර්ෂ ද සිල්වා යන මහත්වරුන් අතර මෙම තරඟය ඇතිවී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 175 කට ආසන්න පිරිසක් ඔන්ලයින් අයදුම්පත පුරවා සිය තොරතුරු ලබා දී අවසන්

අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරයන් 175 ආසන්න පිරිසක්, මේ වන විට සිය  තොරතුරු ඔන්ලයින් ක්‍රමයට (Online Registration System) පාර්ලිමේන්තුව වෙත ලබා දී අවසන් බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය පවසයි. පාර්ලිමේන්තුව විසින් ප්‍රථම වතාවට හදුන්වා දුන් ඔන්ලයින් අයදුම් පත මඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ දත්ත ලබා ගැනීම සාර්ථක බව පාර්ලිමේන්තුවේ Read More

නව වැනි පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා පෙ.ව 9.30 ට රැස්වේ

නව වැනි පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනිදා පෙ.ව 9.30 ට රැස්වන බව නිවේදනය කරන අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ (13) නිකුත් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. අගෝස්තු 20 වැනි දින රැස්වන පාර්ලිමේන්තුවේදී පළමුව කථානායකවරයා ,නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය Read More

t

o

p