නිවසක වගා කරන ලද ගංජා සමග 3 දෙනෙකු අත්අඩංගුවට

August 18, 2020

ගෙවත්තක වගා කරන ලද ගංජා සමග සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කහටගස්දිගිලිය ප්‍රදේශයේ ගෙවතු තුළ සූක්ෂම ලෙස මෙම ගංජා වගා කර තිබූ බවයි පොලීසිය පවසන්නේ.

දඹගොල්ල, කටුකැලියාව, කැකිරාව හන්දිය යන ප්‍රදේශවල ගෙවතු පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම ගංජා ශාක සොයා ගැනුණා.

කහටගස්දිගිලිය පොලීසියේ මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම් සිදු කෙරුණේ.

t

o

p