ලෝක උරුම සිංහරාජය දෙබැ කරගන අලුත් පාරක්

August 17, 2020

පාරිසරික තක්සේරුවන් සැළකිල්ලට නොගෙන ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය මායිමේ ඇති ලංකාගම සිට දෙනියාය දක්වා මාර්ගයක් ඉදිකිරීම මේ වනවිට යුද හමුදාව විසින් සිදු කරගෙන යන බව පරිසරවේදීහු චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පරිසර සහ සොබාදම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ලේකම් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවසුවේ මේ වනවිට යුද හමුදාව විසින් දැනට විනාශ කරමින් යන ප්‍රදේශයේ විශාල ගස් බිම හෙළමින් සිංහරාජ පෙරණ කළාපයට හා සිංහරාජ ලෝක උරුමයට අති විශාල හානියක් සිදු කරමින් විශාල යන්ත්‍ර සූූූූත්‍ර භාවිත කරමින් මෙම මාර්ගය ඉදි කරමින් සිටින බවයි.

තව දුරටත් අදහස් දැක්වූ පරිසරවේදී කාරියවසම් මහතාට අනුව යුද හමුදාව විසින් ඉදිකරණ ලංකාගම දෙනිියාය මාර්ගය 2013 වර්ශයේද ඉදිකිරීමට උත්සහ ගත් මාර්ගයකි. ඒ වනවිට මෙම මාර්ගය දෙනියාය දෙසට තව දුරටත් කැපෙන විට සිංහරාජ ලෝක උරුමයට දැඩි හානි පැමිණෙන නිසා 2013 නොවැමිබර් මස මෙම මාර්ගය සකස් කිරිම ආරමිභ කරන විට පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථානය මගින් ලෝක උරුම යුනිස්කෝ කාර්යාලයට දැනුම් දීමෙන් පසු මෙම මාර්ගය ඉදිකිරිම වසර අටක් පමණ අත් හිටුවා තිබුණි.

නමුත් 2020.07.30 වන දින මෙම මාර්ගය ඉදිකිරිමට අවශ්‍ය උපදෙස් ආරක්ෂක අංශ වෙත ලබාදීමෙන් අනතුරුව මාර්ග සැකසීමට අවශ්‍ය යන්ත්‍රසුත්‍ර ලංකාගම ප්‍රදේශයට ගෙනවිත් දමන ලද බවත් කාරියවසම් මහතා පවසයි.

කාරියවසම් මහතා පවසන්නේ එසේ ලොක් උරුම කාර්යාලයේද විරෝධය මත නවතා දැමුණ මාර්ගයේ ඉදිරකිරීම් කටයුතු යළිත් මෙම ආණ්ඩුව යටතේ ආරම්භ කර ඇති බවයි.

එසේම මෙම ප්‍රදේශය ඉතාමත් ඉහළ පාරිසරික පද්ධතියක් හා ජෛව විවිධත්වයක් ඇති ලෝක උරුම සිංහරාජයට හා එහි පෙරණ කලාපයට අයත් ප්‍රදේශයක් වන අතර අතිශය පාරිසරික සංවේදී කලාපයකි.

මෙවන් සං‌වේදී කලාපයක මාර්ගයක් තබා ගසක්වත් බිම හෙළිමට වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත අනුව කිසිදු හැකියාවක් නොමැති නිසාම වන සංරක්ෂණදෙපාර්තමේන්තුවේ දැනුවත් භාවයකින් හෝ අවසරයකින් තොරව මෙම මාර්ගය ඉදි කිරීම සිදු කරගන යන බවටත් කාරියවසම් මහතා චෝදනා කර සිටියේය.

මේ සම්බන්ධයෙන් නව රජයේ අවධානය වහාම යොමු කළ යුතු බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

මේ සම්බන්ධයෙන් රවීන්ද්‍ර කාරියවසම් මහතා සිය මුහුණුපොතේ මෙසේ සටහනක්ද යොදා තිබිණි.

t

o

p