පසුගියදා පත් කළ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ විෂයපතයන් බෙදීයාමට අදාලව දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවලින් 46%කට ආසන්න ප්‍රමාණයක් බෙදී ගොස් ඇත්තේ රාජපක්ෂවරු හතර දෙනෙකු වෙතය.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද ඇතුළුව කැබිනට් අමාත්‍යවරු 26 දෙනකු පත් කර ඇති අතර ඔවුන්ට හිමි සමස්ත දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා ප්‍රමාණය 268කි. ඉන් 123කටම හිමිකම් කියන්නේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට ය.
ඒ අනුව ආරක්ෂක අමාත්‍ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 23ක් ඇතුළත් වන අතර අග්‍රාමාත්‍ය, මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත් මහින්ද රාජපක්ෂ ට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 87ක් ඇතුළත් වේ.
එමෙන්ම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 08ක් ඇතුළත් වන අතර වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 5ක් ඇතුළත් වේ.
ඉතිරි අමාත්‍යවරු 22නාගෙන් වැඩිම දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා ප්‍රමාණයක් ලබාදී ඇත්තේ අධිකරණ අමාත්‍ය ධුරය ලබා දී ඇති නීතීඥ අලි සබ්රී ට සහ සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍ය ධුරය හිමිව ඇති පවිත්‍රා වන්නිආරච්චි ටය. ඔවුන්ට දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 17 බැගින් හිමිව ඇත.