Local News

සූර්ය උමං වියලනය සාර්ථකයි

වී, බඩ ඉරිඟු ඇතුලු ධාන්‍ය බීජ වියලීමට සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක වන සූර්ය උමං වියලනය හෙවත් (Solar Tunnel Dryer) තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බඩ ඉරිඟු, වී, මුං ඇට, කව්පි, තල, කුරක්කන් හා උඳු වැනි බීජ සදහා යොදාගන්නා ධාන්‍ය ආරක්ෂිතව වියලීම සඳහායි මෙම නව බීජ වියලීමේ පද්ධතිය හදුන්වා දී ඇත. Read More

නීති විරෝධීව දුමිවැටි අලෙවි කල කාන්තාවක් අත්අඩංගුවට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව සිදු කරනු ලබන යුක්තිය මෙහෙයුමට අදාලව විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අශෝක මහතාගේ Read More

සියලුම පාසල්වල කනිෂ්ට දරුවන්ට අද සිට කෑමවේලක්

දිවයිනේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගනුම ලබන දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල අද (25) දිනයේ සිට ආරම්භ කල බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට පෙර මෙම ආහාරවේල ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. පෝෂණවේදීන්ගේ නිර්දේශ සැළකිල්ලට ගෙන මෙම ආහාර වේල සකස් කෙරේ. රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල Read More

මැදින් පෝදා සිරිපා කරුණා කරන්න විශාල පිරිසක්

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට මැදින් පොහෝ දින ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට හැටන් සහ රත්නපුර මාර්ග ඔස්සේ විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසීය. ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වැඩි පිරිසක් හැටන් මාර්ගය ඔස්සේ පැමිණි බවත්, එසේ පැමිණි වැඩි වන්දනාකරුවන් පිරිසක් දුම්රියෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණ සිටියහ. දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් නල්ලතන්නිය දක්වා ප්‍රවාහනය කිරීමට Read More

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගෙන් සුපිරි වාර්තාවක්

වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි වාර්තාවක් තබන්නට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ට අද හැකියාව ලැබුණි. ඒ, ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අංක 07 හෝ ඊට පහළින් පන්දුවට පහර දෙමින් එකම තරගයකදී ශතක දෙකක් රැස් කළ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වෙමින්. කමිඳු බංග්ලාදේශයට එරෙහිව සිල්හෙට් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනයේ දී දෙවන ඉනිමේ Read More

කතානායක, කෝප් කමිටුවට නව සාමාජිකයන් ඉල්ලයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට නව සාමාජිකයන් පත් කරන ලෙසට කතානායකවරයා විසින් දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් සිදු කර තිබේ. ඒ, පසුගියදා සිදු වූ ඉල්ලා අස්වීම් ගණනාවකින් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර වෙනුවටයි. මේ සම්බන්ධයෙන් මොනරා වෙත අදහස් පළ කරමින් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, මෙය සාමාන්‍ය ක්‍රියාවලියක් වන බවයි. කෝප් කමිටුවේ මෙවැනි Read More

ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට හෙට සිට පාසලෙන් ආහාර වේලක්

දිවයිනේ 1- 5 දක්වා ශ්‍රේණිවල සියලු‍ ම පාසල් දරුවන්ට හෙට (25) සිට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පෝෂණවේදීන්ගේ නිර්දේශ ද සැලකිල්ලට ගෙන, සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට පෙර පෙරවරු 7.30 – 8.30 අතර කාලය තුළ මෙම උදෑසන ආහාර වේල ලබා දෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් Read More

හෙට අර්ධ චන්ද්‍රග්‍රහණයක්

මෙම වසරේ චන්ද්‍රග්‍රහණ 2ක් සහ සූර්යග්‍රහණ 2ක් සිදුවුවද ශ්‍රී ලංකාවාසීන් හට ඒ කිසිවක් දැක බලා ගැනීමට අවස්ථාවක් නොලැබෙන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සහ නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. මීළඟ ට අපට දිස්වීමට නියමිත ග්‍රහණය 2025 සැප්තැම්බර් 07 වැනි Read More

මැදින් පුර පසළොස්වක පෝය දිනය අදයි

ශ්‍රී සම්බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ මැදින් පුර පසළොස්වක පොහොය අද(24)යි. ඉන් වැදගත්ම සිදුවීම වන්නේ බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට මහාසංඝයා වහන්සේ සමග කිඹුල්වත්නුවර බලා වැඩම කරවීමයි. සිංහල මාස ක්‍රමයට අනුව නව වසරක් ආරම්භ වනුයේ බක් මහෙනි. මැදින් මහෙන් වසරක් අවසන් වෙයි. නව වසරක් ආරම්භ Read More

ඔස්ට්‍රේලියාවේදී ඉතිහාසයට අලුත් පිටුවක් එක්කළ ශ්‍රී ලාංකිකයා

ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදුවන අනතුරු සම්බන්ධයෙන් වූ ආචාර්ය උපාධියක් ඔස්ට්‍රේලියාවේදී සාර්ථකව සම්පූර්ණ කිරීමට වෘත්තියෙන් ක්‍රීඩා හා ව්‍යායාම පිළිබඳ විශේෂඥ භෞතචිකිත්සකවරයෙක් වන දුලාන් කොඩිකාර මහතා සමත්ව තිබේ. දුලාන් කොඩිකාර දැනට මෙල්බන් නුවර රැකියාවක නිරත වෙමින් සිටින අතර ඔහු 2011 වසරේදී පළමුවෙන්ම ඔස්ට්‍රේලියාවට පැමිණ තිබුණේ ක්‍රීඩාව සහ ව්‍යායාම සම්බන්ධ පශ්චාත් උපාධිය හැදෑරීම සඳහාය. 2013 වසරේදී ඔහු එම උපාධිය Read More

t

o

p