මිල්ටන් සුළි කුණාටුව 5 වන කාණ්ඩය දක්වා ඉහළට

October 8, 2024

මිල්ටන් සුළි කුණාටුව 5 වන කාණ්ඩය දක්වා වර්ධනය වී , ෆ්ලොරිඩාවට කඩා වැදෙනු ඇතැයි මේ වනවිට පුරෝකථනය කර තිබේ.

විනාශකාරී හෙලීන් සුළි කුණාටුවෙන් තවමත් පීඩා විඳිමින් සිටින ෆ්ලොරිඩාවේ ජනාකීර්ණ බටහිර වෙරළ තීරයට සති දෙකකටත් අඩු කාලයකදී බලපෑම් කරන දෙවන සුළි කුණාටුව මෙයයි.

අමෙරිකා එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසන්නේ මෙය විශාල විනාශයක් කළ හැකි බවයි.

මේ නිසා ෆ්ලොරිඩාවේ බටහිර වෙරළබඩ ප්‍රාන්තවල මිලියනයකට අධික ජනතාවකට ඉවත් වනලෙස මේ වන විට නියෝග ලැබී තිබේ.

t

o

p