විජයගේ 79 වැනි ජන්ම සංවත්සරය අදයි

October 9, 2024

විජය කුමාරණතුංග, සිංහල සිනමාවේ ආදරණීය ප්‍රේමවන්තයාගේ 79 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.

1945 වසරේ අද වැනි දිනක රාගම මහරෝහලේ උපත ලැබු කෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග, නොහොත් විජය කුමාරතුංග ශ්‍රී ලාංකීය සිනමාවේ ජනප්‍රියතම නළුවෙක් සේම දේශපාලනඥයෙක් ද වෙයි.

ඔහුගේ මුල් නම විජය කුමාරණතුංග වුවත් පසුකලෙක ඔහු තම නාමය විජය කුමාරතුංග ලෙස වෙනස්කර ගෙන තිබේ.

සිනමාවේ ආදරණීය ප්‍රේමවන්තයාගේ සැබෑ ජීවිතයේ බිරිඳ වූයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි.

t

o

p