කෝටි 2ක බීඩි කොළ පන්නන්න බැරිවෙයි

October 7, 2024

නොරෝ­ච්චෝල ඉල­න්ත­ඩිය වෙරළ තීර­යේදි සිට ලොරි හා වෑන් රථ­ව­ලින් ප්‍රවා­හ­නය කිරී­මට සූදා­නම් කර තිබූ රුපි­යල් කෝටි දෙක­කට ආසන්න බීඩි කොළ තොග­යක් සමඟ සැක­ක­රු­වෙකු 6 දින අලු­යම අත්අ­ඩං­ගු­වට ගත් බව නොරෝ­ච්චෝල පොලි­සිය කියයි.

ඉන්දි­යාවේ සිට නීති විරෝධි අයු­රින් ධීවර යාත්‍රා උප­යෝගි කර ගනි­මින් රැගෙන විත් තිබූ මෙම බීඩි කොළ තොගය පොහොර උර 73ක අසුරා තිබූ බවත් එහි කිලෝ 2463ක ප්‍රමා­ණ­යක් තිබූ බවද පොලි­සිය කියයි.

නොරෝ­ච්චෝල පොලි­සියේ වැඩ බලන ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක ජීවන් කුමාර මහ­තාට ලැබුණ තොර­තු­රක් මත ඉල­න්ත­ඩිය වෙරළ තීරයේ සිදු­කළ වැට­ලී­ම­කදි මෙම බීඩි කොළ තොගය අත්අ­ඩං­ගු­වට ගැනී­මට හැකිවූ බව පොලි­සිය සඳ­හන් කරයි.

t

o

p