Local News

කලු ඉරිදා විරෝධතාවය ඇරඹේ

2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා කතෝලික ජනතාව අද දිනය “කලු ඉරිදා” ලෙස නම් කරමින් නිහඬ විරෝධතාවයක යෙදීම සිදුකරනු ලබනවා. රට පුරා පිහිටි කතෝලික දේවස්ථාන ඉදිරිපිට කලු ඇඳුමින් සැරසුණු ජනතාව මෙම විරෝධතාවය සිදුකරනු ලබන අතර ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සම්මේලනය සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් Read More

ජාතික හැඳුනුම්පතත් ඩිජිටල්කරණයට

ජාතික හැඳුනුම්පත් තොරතුරු ඔන්ලයින් ඔස්සේ තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මේ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි රාජ්‍ය ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, බැංකු හා මූල්‍ය ආයතනවලින් සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමේදී එම ආයතනවල සේවාලාභීන්ගේ කැමැත්ත මත ජාතික හැඳුනුම්පතේ තොරතුරු ඔන්ලයින් ඔස්සේ සහතික කිරීමට මෙම වැඩපිළිවෙළ මගින් අවස්ථාව සැලසෙනවා. පුද්ගල දත්ත ඔන්ලයින් ක්‍රමවේදයට තහවුරු කිරීමේ සේවාව ලබා Read More

ගෑස් හා කිරිපිටි මිල වැඩි කරන ලෙස ඉල්ලීමක්

කිරිපිටි සමාගම් තුනක් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 40කින් කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 100කින්ද මිල වැඩි කිරීමට අවසර ඉල්ලා තිබුණි. නමුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය සිකුරාදා (05 ) එම සමාගම්වලට දැනුම් දී ඇත්තේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි. ඒ වෙනුවට සහනයක් ලෙස මුදල් අමාත්‍යාංශය විසින් කිරිපිටි ආනයනය කිරීමේ දී පනවා තිබූ වරාය හා රේගු නිෂ්කාශන බද්ද Read More

කාන්තාවන්ට සිදු වන වෙනස්කම් සහ අයිතිවාසිකම් කඩවීම් සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉල්ලයි

ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම ලිඛිතව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ Read More

ගිනි අවි දෙකක්, උණ්ඩ සමග හමුදා සෙබළා හා තවත් අයෙක් අල්ලයි

අගුලාන ප්‍රදේශයේදි පොලිසිය කළ මෙහෙයුමකදි ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක් සමග ගුවන් හමුදාවෙන් පළා ගිය සෙබළෙකු පොලිසිය විසින් ඊයේ (02) සවස අත්අඩංගුවට ගෙන ඇත. එසේම ඔහු ගමන් කරමින් සිටි යතුරු පැදිය ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. තවද පොලිස් විශේෂ කාර්ය බලකාය උඩප්පුව ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, උණ්ඩ 13 ක් හා බෝර 12 උණ්ඩ 08 Read More

වේල්ල විදියේදි හමුවු කාන්තාව ඝාතනය කළ බවට සැකකරන උප පොලිස් පරික්ෂකවරයා සියදිවි නසාගෙන

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තාවගේ ඝාතනයට සැකකාර උප පොලිස් පරික්ෂකවරයා සියදිවි හානිකර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට බඩල්කුඹුර ඔහුගේ නිවසට යද්දි ඔහු ඒ අසල කැලයට පළාගොස් ඇති බවත් පසුව පොලිස් කණ්ඩායම් කැලට පරික්ෂා කරද්දි ඔහුගේ සිරුර සොයාගත් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා Read More

නැඟෙනහිර වන විනාශය නැවැත්වීමට දැන්වීම් පුවරු

නැගෙනහිර පළාතේ වන විනාශය පාලනය කිරීම සඳහා, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරයාගේ මහ ලේකම් කාර්යාලය විසින් ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල රජයේ සංචිතවල දැන්වීම් පුවරු ඉදිකරනු ලැබේ. ඒ අනුව පළමු දැනුම් දීමේ පුවත නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය විසින් කුච්චාවෙලි හිදී නිරාවරණය කරන ලදී. වන විනාශය පිළිබඳ තොරතුරු යැවිය යුතු බව එහි ඇති දැන්වීම් පුවරුවල සඳහන් Read More

දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රෙල් 04

දහම් පාසල් ශ්‍රේණි විභාගය අප්‍රේල් 04 වන ඉරිදා පැවැත්වෙන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කොව්ඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ මගින් සපයා ඇති උපදෙස් අනුව දහම් පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වෙන බව අදාළ නිවේදනයේ දැක්වේ.   බස්නාහිරි පළාතේ පාසල් ආරම්භ කිරීම 2021  මාර්තු 15 දිනට නියමිත බැවින් ඉන්පසුව එළඹෙන ඉරිදා දින එම පළාතේ දහම් Read More

තරුණිය ඝාතනයේ සැකකරු දිවි නසාගනී

කොළඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර සොයාගෙන තිබේ. ඔහුගේ නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, කැලෑවක ගසක එල්ලෙමින් තිබිය දී මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. එම මළ සිරුර ආසන්නයේ තිබී “වස කුප්පියක්“ ද Read More

වේවැල් පහර කා මිය ගිය දැරියගේ මව හා පහර දුන් කත රිමාන්ඩ්

දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේදි අමුනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට යැයි කියමින් වේවැල් පහර එල්ල කිරීමෙන් දැරියක් මිය යාමේ සිද්ධියට අදාළව එම දැරියගේ මව හා ශාන්තිකර්මය කළ බව කියන කාන්තාව මහර අධිකරණය හමුවට අද (01) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අමුනුෂ්‍ය දෝෂයක් පළවා හැරිමට යැයි කියමින් ශාන්ති කර්මයක් කළ කාන්තාවක් පැය Read More

t

o

p