වේල්ල විදියේදි හමුවු කාන්තාව ඝාතනය කළ බවට සැකකරන උප පොලිස් පරික්ෂකවරයා සියදිවි නසාගෙන

March 3, 2021

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තාවගේ ඝාතනයට සැකකාර උප පොලිස් පරික්ෂකවරයා සියදිවි හානිකර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට බඩල්කුඹුර ඔහුගේ නිවසට යද්දි ඔහු ඒ අසල කැලයට පළාගොස් ඇති බවත් පසුව පොලිස් කණ්ඩායම් කැලට පරික්ෂා කරද්දි ඔහුගේ සිරුර සොයාගත් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. ඔහුගේ මළ සිරුර අතර තිබු වස කුප්පුයක් සොයාගෙන ඇති අතර ඒ අනුව ඔහු වස පානය කොට සිය දිවි නසා ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පැවැත්වෙන පශ්චාත් මරණ පරික්ෂණයේදි මරණයට හේතුව සොයාගත හැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබියදී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ. හිස නොමැති බැවින් එම මළ සිරුර ඩී.එන්.ඒ.පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව ද පොලීසිය සඳහන් කළේය.

සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට පෙබරවාරි 28 දා ගමන් ගන්නා ආකාරය නිරීක්ෂණය කර තිබේ.

කෙසේවෙතත් පසුව එම පුද්ගලයා පමණක් මාර්තු 01 දා ලැගුම්හලෙන් පිටතට පැමිණ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන හංවැල්ල – පිටකොටුව බස් රථයකට නැග ගමන්ගන්නා ආකාරය ද නිරීක්ෂණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය. පසුව ඔහු ගමන් බෑගය සමග වේල්ලවීදිය ප්‍රදේශයට පැමිණ සැක නොසිතෙන ලෙස යම් ස්ථානයක තබා යන ආකාරය ද නිරික්ෂණය වී තිබේ.

ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේ දී එම කාන්තාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එම සැකකාර පිරිමි පුද්ගලයා බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට ද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

මියගිය කාන්තාව සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇති වු ප්‍රතිඵලයක් ලෙස එම ඝාතනය සිදුව ඇති බවට සැකකරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.

t

o

p