‘ගමට පිටියක්’ ජාතික ව්‍යාපෘතියක්

March 3, 2021

‘ගමට පිටියක්’ ජාතික ව්‍යාපෘතිය අද ඇරඹේ. මේ යටතේ දිවයිනේ ග්‍රාමීය ක්‍රීඩාංගන 332ක් නවීකරණය කෙරෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භක උත්සවය පැවැත්වේ. ‘රට හදන සෞග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජව සම්පන්න පරපුරක් පිහි කිරීමේ අරමුණ ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් තෝරා ගත් එක් ක්‍රීඩාංගනය බැගින් නවීකරණය කෙරේ. එක් ක්‍රීඩාංගනයක් වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 15කි.

ඒ අනුව ක්‍රීඩාංගන 332ක් නවීකරණයට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 500කි.

t

o

p