ගිනි අවි දෙකක්, උණ්ඩ සමග හමුදා සෙබළා හා තවත් අයෙක් අල්ලයි

March 3, 2021

අගුලාන ප්‍රදේශයේදි පොලිසිය කළ මෙහෙයුමකදි ඉතාලියේ නිෂ්පාදිත පිස්තෝලයක් සමග ගුවන් හමුදාවෙන් පළා ගිය සෙබළෙකු පොලිසිය විසින් ඊයේ (02) සවස අත්අඩංගුවට ගෙන ඇත.

එසේම ඔහු ගමන් කරමින් සිටි යතුරු පැදිය ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. තවද පොලිස් විශේෂ කාර්ය බලකාය උඩප්පුව ප්‍රදේශයේ කළ මෙහෙයුමකදී විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, උණ්ඩ 13 ක් හා බෝර 12 උණ්ඩ 08 ක් සොයාගෙන ඇත.

මොවුන් මේවා කිසියම් අපරාධයකට භාවිතා කළේ ද යන්න පිළිබඳව පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

ස්වයංක්‍රිය ගිනි අවි ලග තබා ගැනීම අධිචෝදනා ලබන වරදක් බවත් අවුරුදු 20 කට නොවැඩි සිර දඩුවම් හිමි වරදක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. නිති විරෝධි ගිනි අවි සොයා පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය දිගින් දිගටම විමර්ශන කරන බවත් මෙවැනි ගිනි අවි පිළිබද තොරතුරු වෙතොත් 1997 දුරකතන අංකයට දැනුම් දෙන ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලා සිටියි.

t

o

p