ගෑස් හා කිරිපිටි මිල වැඩි කරන ලෙස ඉල්ලීමක්

March 6, 2021

කිරිපිටි සමාගම් තුනක් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 40කින් කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 100කින්ද මිල වැඩි කිරීමට අවසර ඉල්ලා තිබුණි.

නමුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය සිකුරාදා (05 ) එම සමාගම්වලට දැනුම් දී ඇත්තේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ වෙනුවට සහනයක් ලෙස මුදල් අමාත්‍යාංශය විසින් කිරිපිටි ආනයනය කිරීමේ දී පනවා තිබූ වරාය හා රේගු නිෂ්කාශන බද්ද 7.5% සිට 2.5% දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම වසර අවසන් වන විට කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමටද පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

t

o

p