ජාතික හැඳුනුම්පතත් ඩිජිටල්කරණයට

March 6, 2021

ජාතික හැඳුනුම්පත් තොරතුරු ඔන්ලයින් ඔස්සේ තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි රාජ්‍ය ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, බැංකු හා මූල්‍ය ආයතනවලින් සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමේදී එම ආයතනවල සේවාලාභීන්ගේ කැමැත්ත මත ජාතික හැඳුනුම්පතේ තොරතුරු ඔන්ලයින් ඔස්සේ සහතික කිරීමට මෙම වැඩපිළිවෙළ මගින් අවස්ථාව සැලසෙනවා.

පුද්ගල දත්ත ඔන්ලයින් ක්‍රමවේදයට තහවුරු කිරීමේ සේවාව ලබා ගැනීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන රැසක් ගිවිසුම්ගත වී ඇති අතර මෙමගින් වංචනික ක්‍රියා වළක්වා ගැනීමට හැකියාවද ලැබෙන බවයි වාර්තා වන්නේ.

t

o

p