වේවැල් පහර කා මිය ගිය දැරියගේ මව හා පහර දුන් කත රිමාන්ඩ්

March 1, 2021

දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේදි අමුනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට යැයි කියමින් වේවැල් පහර එල්ල කිරීමෙන් දැරියක් මිය යාමේ සිද්ධියට අදාළව එම දැරියගේ මව හා ශාන්තිකර්මය කළ බව කියන කාන්තාව මහර අධිකරණය හමුවට අද (01) ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අමුනුෂ්‍ය දෝෂයක් පළවා හැරිමට යැයි කියමින් ශාන්ති කර්මයක් කළ කාන්තාවක් පැය ගණනක් එල්ල කළ වේවැල් පහර හේතුවෙන් මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 09 හැවිරිදි දැරියක් මීට දෙන දෙකකට ඉහත දී මරණයට පත්ව තිබේ.

දැරියගේ කෑ ගැසිම් ඇසි අසල්වැසි පුද්ගලයෙකු 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ දැනුම්දීමට අනුව පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර දැරිය රෝහල් ගත කළ පසු මිය ගිය බව පොලිසිය පවසයි. පසුව දැරියගේ මව හා වේවැල් පහරදුන් කාන්තාව පොලිසිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

දැරියගේ නිවසේ තිබි කැඩි ගිය වේවැලක කොටස් ඇතුළු නඩු භාණ්ඩ පොලිසිය බාරයට ගෙන ඇති අතර මරණය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 06 ක් පමණ ලබාගෙන ඇති බවද ඔහු කීවේය. දැරියගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය රාගම රෝහලේදි අද පැවැත්වූ බවත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාව ලද පසු ඉදිරි පියවර ගන්නා බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

ශාන්තිකර්මය කළ කාන්තාවගෙන් තවත් දරුවන් අගතියට පත්ව ඇත්දැයි සොයා බලන බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් පොලිසිය පරික්ෂණ කරන බව කීවේය.

t

o

p