බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු ලබන වසරේදී ඇරඹෙයි

May 11, 2024

බුද්ධ දේශනාව සහ කෘත්‍රිම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනයක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (11) පස්වරුවේ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ දී පැවති මොරටුව ශ්‍රී ලංකා බෞද්ධ සමිතියේ සිය වන සංවත්සර සැමරුමට එක්වෙමින්

බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්‍රිම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු වූ බවද ඔහු මෙහිදී පැවසනලදි.

එමෙන්ම නව නීති සම්මත කර ගැනීමෙන් අනතුරුව ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බවද ඔහු එහිදී සඳහන් කරනලදි.

t

o

p