Local News

වැඩි කළ 5000 ඉල්ලා කලාපේ සේවකයෝ උද්ඝෝෂණයක

රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් 5000 මාසික දීමනාව වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ටත් ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා බියගම නිදහස් වෙළෙද කලාපයේ සේවක සේවිකාවෝ ඉකුත් සිකුරාදා ( 21 ) පස්වරුවේ එම වෙළෙඳ කලාපයේ ප්‍රධාන දොරටුව අසල දී උද්ඝෝෂණයක යෙදුනහ. වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය මඟින් සංවිධාන කර තිබූ මේ උද්ඝෝෂණයට සේවක සේවිකාවෝ 600කට අධික පිරිසක් සහභාගී Read More

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් යොමු කිරීම හෙට සිට

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීම හෙට (23) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිසම පවසයි. එහි සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (24) නිකුත් කරන බව ය. මේ වනවිට මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 කි.

රිජ්වේ ආර්යා රෝහලේ කොරෝනා රෝගී දරුවන් 40 ක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා වැළඳුණු රෝගී දරුවන් 40 දෙනෙකු ප්‍රතිකාර ලබන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ ය. රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ, දිනකට රෝගී දරුවන් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණෙන බවයි.

සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සේවයෙන් ඉවත්වෙයි ?

කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකොට පවත්නා අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමන් සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය. ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඇය ඒ බව ලිපියක් මගින් දන්වා ඇත. එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ දින 14ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා Read More

සපුගස්කන්ද බලාගාරයේ දැවි තෙල් තවත් පැය කිහිපයකින් අවසන් වෙයි

අද (22) දිනයේ විදුලි කප්පාදුවක් සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන් දහවල් කාලයේ දී ප්‍රකාශයට පත් කරන බව විදුලිබල මණ්ඩලය පවසයි. විදුලි උත්පාදනය සඳහා සපුගස්කන්ද බලාගාරයේ පවතින දැවි තෙල් තවත් පැය කිහිපයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව දැවි තෙල් ලබා දෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති අතර ඔවුන් Read More

ගුවන් ප්‍රහාරයකින් 100ක් මරුට

යේමනයේ රැඳවුම් මධ්‍යස්ථානයකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබේ. සෞදි ප්‍රමුඛ සන්ධානය විසින් ඊයේ (21) අදාළ ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. හූති කැරලිකරුවන් රැදී සිටි මධ්‍යස්ථානයකට එම ප්‍රහාරය එල්ල කර ඇත

විභාග දෙපාර්තමේන්තුවේ එක්දින සේවයක් තාවකාලිකව අත්හිටුවයි

විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය ලබන සඳුදා සිට තාවකාලිකව අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෙසේ නමුත් සහතික පත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සහ විද්‍යුත් තැපැල් ක්‍රමයට සිදු කිරීමට පහසුකම් සපයා තිබෙනවා. එමෙන්ම සහතික පත් අවශ්‍යතාව අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත හෝ අධිවේගී තැපැල් මගින් අයදුම්කරුගේ ලිපිනය වෙත යොමු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව Read More

ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ස්වාධීන වෙන්න යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආණ්ඩුවෙන් ඉවත් විම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පක්ෂයේ නියෝජිතයින් අතර පවත්වා ඇතැයි වාර්තා වෙයි. ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය පලුදුවීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන වීමේ අරමුණින් මෙම තීරණය ගත් බව සඳහන් වෙයි. කෙසේවෙතත් අමාත්‍යධූර දරණ සාමාජිකයින් එම තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බවටද වැඩිදුරටත් සදහන්.

තෙල් නැතිව කැලණිතිස්ස බලාගාරයක් නවතී

ඉන්ධන නොමැතිව කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි එක් බලාගාරයක් අද (19) උදෑසන අක්‍රිය වූ බව විදුලිබල මණ්ඩලය පවසයි.. මේ හේතුවෙන් බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක විදුලි බිදවැටීමක්ද සිදුව තිබෙනවා. තාප විදුලි බලාගාරවලට ඉන්ධන නොමැති වුවහොත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළේ.

ඩෙල්ටා අභිබවා ඔමික්‍රෝන් ලංකාවේ පැතිරේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය මගින් පර්යේෂණය කළ කොරෝනා ආසාදිතයන් 182 කුගේ සාම්පල වාර්තාවලින් 160 දෙනෙකු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් බව තහවුරු විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ පරීක්ෂාවට ලක් කෙරුණු අනෙක් ආසාදිතයන් විසි දෙදෙනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් බවයි. ඒ අනුව ඩෙල්ටා අභිබවා ඔමික්‍රොන් කොරෝනා Read More

t

o

p