ඩෙල්ටා අභිබවා ඔමික්‍රෝන් ලංකාවේ පැතිරේ

January 16, 2022

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනය මගින් පර්යේෂණය කළ කොරෝනා ආසාදිතයන් 182 කුගේ සාම්පල වාර්තාවලින් 160 දෙනෙකු ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් බව තහවුරු විය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කළේ පරීක්ෂාවට ලක් කෙරුණු අනෙක් ආසාදිතයන් විසි දෙදෙනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් බවයි.

ඒ අනුව ඩෙල්ටා අභිබවා ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය ශ්‍රී ලංකාවේ සීග්‍රයෙන් පැතිර යන බව ඔහු පෙන්වා දෙනවා.

t

o

p