සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 22ක ජයක් වාර්තා කරයි

January 19, 2022

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 22ක ජයක් වාර්තා කරමින් තරග 3කින් සමන්විත මෙම එක්දින තරගාවලිය 1 ට එකක් ලෙස සම තත්වයට රැගෙන ඒමට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ සමත්වුණා.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 දී කඩුලු 8ක් දැවී ලකුණු 302 ක් රැස් කළා.

ලකුණු 303ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50දී කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 280ක් පමණයි.

t

o

p