රජයේ සේවකයන්ට වැඩි කළ රුපියල් 5000 මාසික දීමනාව වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන්ටත් ලබා දෙන ලෙසට රජයෙන් ඉල්ලා බියගම නිදහස් වෙළෙද කලාපයේ සේවක සේවිකාවෝ ඉකුත් සිකුරාදා ( 21 ) පස්වරුවේ එම වෙළෙඳ කලාපයේ ප්‍රධාන දොරටුව අසල දී උද්ඝෝෂණයක යෙදුනහ.
වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය මඟින් සංවිධාන කර තිබූ මේ උද්ඝෝෂණයට සේවක සේවිකාවෝ 600කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.
මෙම උද්ඝෝෂණයේදී අදහස් දැක්වූ වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක මහතා පැවසුවේ රජයේ සේවකයන්ට රජය රුපියල් පන්දහසක් මාසික දීමනාවක් ලෙස ලබා දෙනවා. එය වෙළෙඳ කලාපයේ සේවකයන්ට නැහැ.
නමුත් වෙළෙඳ කලාපයේ සේවකයන් තමයි ඩොලර් සපයන්නට කැප වී සිටින්නේ. ඒ නිසා එම සේවකයන්ටත් රජය වැඩි කළ රුපියල් පන්දහසේ මාසික දීමනාව ලබා දිය යුතුයි.