යුක්රේනයේ රුසියානු ආක්‍රමණයට මුහුණදීමට අමෙරිකාවත් සුදානම්

January 26, 2022

රුසියානු හමුදාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ අවදානම ඉහළ යෑම හේතුවෙන් එරට සිටින සිය තානාපති කාර්යාලයේ නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයන්ට වහාම රටින් පිට වන ලෙස අමෙරිකාව නියෝග කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

එමෙන්ම යුක්රේනයේ අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවයේ නියුතු අත්‍යවශ්‍ය නොවන නිලධාරීන්ට ද යළි අමෙරිකාව බලා පැමිණීමට අවසර ඇති බවත්, එරට සිටින සෙසු අමෙරිකානු ජාතිකයන්ට ද එය අදාළ බවත් නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රජය ප්‍රකාශ කර තිබේ.

දැනට යුක්රේනයේ අමෙරිකානු තානාපති කාර්යාලය විවෘතව පැවැතියද, ඕනෑම මොහොතක රුසියානු ආක්‍රමණයක් සිදුවිය හැකි බැවින් ඊට මුහුණදීමට සූදානමින් සිටින ලෙස ද ධවල මන්දිරය උපදෙස් සපයා තිබේ.

t

o

p