සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සේවයෙන් ඉවත්වෙයි ?

January 22, 2022

කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකොට පවත්නා අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමන් සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.

ජනාධිපති ලේකම්වරයාට සහ වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඇය ඒ බව ලිපියක් මගින් දන්වා ඇත.

එම ලිපිය මගින් ඉල්ලා ඇත්තේ දින 14ක් ඇතුළත පරීක්ෂණයක් පවත්වා ඇය වෙත රාජකාරී කිරීමට හැකි වාතාවරණයක් සාදා දෙන ලෙසය.

එසේ නොමැති වුවහොත් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට කටයුතු කරන බවද එම ලිපියේ ඇය සඳහන් කර තිබේ.

t

o

p