Foreign News

මැලේසියාවේ දී කිම් ජොන් අන්ගේ සහෝදරයා මිය යයි

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සහෝදරයා මැලේසියවේ දී මිය ගොස් ඇති බව වාර්තා වේ. කාන්තාවන් දෙදෙනෙකු විසින් විෂක් ශරීර ගත කිරීම හේතුවෙන් මිය ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග සනාථ කරයි. ඔහු මිය යන විට 47 වියේ පසු වන අතර ඔහු 1970 දී උපත ලබා ඇත.

ශශිකලා සිව් වසරක් සිරගෙට

ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ලෙස පත්වීමට නියමිතව සිටි ශසිකලා නටරාජන් මහත්මිය වංචා හා දූෂණ නඩුවකට අදාළව වරදකාරිය වූයෙන් ඇයට වසර හතරක සිර දඬුවමක් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඇයට තමිල්නාඩු මහ ඇමතිනි ලෙස දිවුරුමී දීමට නොහැකි වන සේ හා වසර දහයකට මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි වන සේ මෙම තීන්දුව ලබා දී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් Read More

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

ඇමෙරිකාවේ නව ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමෙන් පසු කළ පළමු මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාව විසින් සිදුකොට තිබේ. ජපාන දේශ සීමාව ආසන්නයේ මෙම මිසයිල අත්හදා බැලීම සිදුකොට තිබේ. මේ සම්බන්ධයෙන් කතා කරමින් ඇමෙරිකානු ජනපතිවරයා පවසා ඇත්තේ මෙවැනි අවස්ථාවල සියයට සියයක්ම තම මිතුරු රට වන ජපානය සමග ඇමෙරිකාව සිටින බවය. කිලෝ මීටර පන්සියයක් පමණ දුර ඇදීගිය Read More

නවසීලන්තයේ වෙරළකට තල්මසුන් 400ක් ගොඩගහයි

නවසීලන්තයේ දකුණු දූපතේ ‘ෆෙයාර්වෙල් ස්පිට්’ නම් වෙරළට පසුගිය 10දා පාවී ආ තල්මසුන් 400 කට වැඩි සංඛ්‍යාවෙන් 300ක් පමණ තල්මසුන් මිය ගොස් ඇතැයි වාර්තා වේ. ජීවත්වන තල්මසුන්ගේ දිවි බේරාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිටින සියගණනක් පිරිස් කටයුතු කළේය. සත්ව ආරක්ෂක සංවිධාන වලට අයත් සියගණනක් නිලධාරීන් සහ ලොවපුරා නන්දෙසින් පැමිණි පිරිස් තල්මසුන් බේරා ගැනීමට සිකුරාදා උදෑසන සිට දැඩි වෙහෙසක් Read More

එකම පවුලේ 500ක් එකම පින්තූරෙක

කලක් මුළුල්ලේ උත්සාහ දරා සිය පවුලේ සාමාජිකයන් 500 කට අධික පිරිසක් පවුලේ සමූහ ඡායාරූපයක් සඳහා කැඳවා ගැනීමට චීනයේ පවුලක් සමත්වී තිබේ. ‘රෙන්’ පවුලේ සාමාජිකයන් එම ඡායාරූපයට මුහුණ දුන්නේ නැගෙනහිර චීනයේ ශේජියාන්ග් පළාතේ ශිශේ ගම්මානයේදීය. චන්ද්‍ර වර්ෂයෙන් නව වසර උදාවීම සැමරීම පිණිස පසුගිය සතියේ පවුලේ සියලුදෙනා ශිශේ ගම්මානයට එක්වූහ. එතරම් විශාල පිරිසක් ඇතුලත් ඡායාරූපය සඳහා ඩ්රෝන් Read More

සසිකලාට හිටපු මහ ඇමතිගේ විරෝධය

පසුගියදා මියගිය තමිල්නාඩු මහ ඇමැතිනී ජෙයලලිතා ජෙයරාම්ගේ පක්ෂයේ සභාපතිනිය ලෙස ඇගේ සමීපතම මිතුරිය වන සසිකලා නටරාජන් පත්කර ගනු ලැබූ අතර පසුව ඇයටම මහ ඇමැති පදවියද භාරදිය යුතු බවට පක්ෂය තුළින් මතයක් පළවිය. මේ අනුව ජෙයලලිතාගෙන් පසු මහ ඇමැති ධුරයෙහි දිවුරුම් දුන් ඕ. පනීර්සෙල්වන් ඉල්ලා අස්වූයේ පුද්ගලික හේතූන් මත ඉල්ලා අස්වන බව කියමිනි. කෙසේවුවද පසුව ඔහු Read More

ලොව වැඩිම කාලක් රජ කිරුළ දැරීමේ වාර්තාව දෙවන එලිසබත් රැජිණට

දෙවන එලිසබත් රැජින වසර හැටපහක කාලයක් රාජ්‍යත්වය හෙබැවූ පළමු බ්‍රිතාන්‍ය අධිරාජිනිය හැටියට ඉතිහාසයට එක් වූවාය. එලිසබත් රැජින බ්‍රිතාන්‍ය රාජ්‍යත්වයට පත්වූයේ 1952 වසරේ ඇයගේ පියා වූ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවයෙනි. වත්මන් ලෝකයේ දීර්ඝ කාලයක් සිහසුන දැරූ තායිලන්තයේ භූමිබෝල් අතුල්තේජ් රජතුමා පසුගිය වසරේ අභාවප්‍රාප්ත වීමන් අනතුරුව, දෙවන එලිසබත් රැජින ලොව දීර්ඝ කාලයක් රාජ්‍යත්වයේ රැඳී සිටින රාජ්‍ය නායිකාව Read More

තමිල්නාඩු මහ ඇමැති ඉල්ලා අස්වෙයි තනතුර ශෂිකලාට

තමිල්නාඩුවේ පාලක ඒ.අයි.ඒ.ඩී.එම්. පක්ෂයේ නව නායිකාව ලෙස වී.කේ. ශෂිකලා පත්වීම් ලැබ ඇත. ඒ අනුව ඉදිරියේදී තමිල්නාඩු මහ අමාත්‍ය ධුරයද ඇයට හිමිවනු ඇති බව ඒ.අයි.ඒ.ඩී.එම්. පක්ෂ ආරංචිමාරග උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. මෙතෙක් ඒ.අයි.ඒ.ඩී.එම්. පක්ෂයේ නායකත්වය දැරෑ තමිල්නාඩු මහ අමාත්‍ය පාහීර් සෙල්වම් මහතා අද (05) දින එම ධුරයෙන් ඉවත්ව ඇත. පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් විසින් කැඳවන Read More

ප්‍රංශයේ හමුදා නිලධාරියාට පහර දුන් තරුණයාට වෙඩි

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලූවර් (Louvre) කෞතුකාගාරය අසලට ‘අල්ලාහු අක්බර්’ කියා කෑගසමින් පිහියක් රැගෙන දිව ආ පුද්ගලයකුට එහි ආරක්ෂාවට රඳවා සිටි සොල්දාදුවකු වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි. ලූවර්, ලොව විශාලතම කෞතුකාගාරයවන අතර, එය පැරිස් නුවර පිහිටි ඓතිහාසික මධ්‍යස්ථානවලින් එකකි. කෞතුකාගාරය අසල පිහිටි භූගත සාප්පු සංකීර්ණයකට ඇතුළුවීමට ප්‍රහාරකයා උත්සාහ කළ බව විශ්වාස කෙරේ. වෙඩිවැදීමෙන් ඔහුට Read More

සිරුරේ ගස් වැවෙන දැරියක් බංගලාදේශයෙන් හමුවෙයි

තුරු මිනිස් රෝගය හෙවත් ට්‍රී මෑන් සින්ඩ්‍රම් රෝගයෙන් පෙළෙන දැරියක් බංග්ලාදේශයෙන් හමුවී ඇති අතර ස්ත්‍රී පාර්ශ්වයේ අයෙකුට මෙම රෝගය වැළඳුන පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. දස හැවිරිදි සහානා කාටුන්ගේ මුහුණෙහි ගසක කඳට සමාන කොටසක් වැවෙන්නට පටන්ගෙන මේ වනවිට මාස හතරක් ගතවී ඇති අතර මුලදී මෙය පවු‍ලේ අයගේ සැලකිල්ලට ලක්වී නැත. නමුත් ක්‍රමයෙන් මෙය වැඩෙන්නට වීමත් Read More

t

o

p