නවසීලන්තයේ වෙරළකට තල්මසුන් 400ක් ගොඩගහයි

February 12, 2017

නවසීලන්තයේ දකුණු දූපතේ ‘ෆෙයාර්වෙල් ස්පිට්’ නම් වෙරළට පසුගිය 10දා පාවී ආ තල්මසුන් 400 කට වැඩි සංඛ්‍යාවෙන් 300ක් පමණ තල්මසුන් මිය ගොස් ඇතැයි වාර්තා වේ.

ජීවත්වන තල්මසුන්ගේ දිවි බේරාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වී සිටින සියගණනක් පිරිස් කටයුතු කළේය.

සත්ව ආරක්ෂක සංවිධාන වලට අයත් සියගණනක් නිලධාරීන් සහ ලොවපුරා නන්දෙසින් පැමිණි පිරිස් තල්මසුන් බේරා ගැනීමට සිකුරාදා උදෑසන සිට දැඩි වෙහෙසක් ගත්හ.

තල්මසුන් මෙසේ වෙරළ වෙත පාවී ඒමට හේතුව පැහැදිලි නැති බව විද්‍යාඥයෝ පවසති.

BBC

t

o

p